
(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අධිකරණයකින් අවසරයකින් තොරව විදෙස්ගත වීම වළකාලමින් නිකුත් කර තිබූ තහනම් නියෝගය ලබන අගෝස්තු මස 04 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නියෝග කළේය.
අක්‍රමිකවත් මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය පිළිබඳව සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා වාණිජ මණ්ඩලය හිටපු සභාපතිවරයකු සහ මහජන ක්‍රියාකාරි චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් අද (01) යළි කැදවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණී.
හිටපු මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් අධිකරණයේ අවසරයකින් තොරව විදෙස්ගත නොවන බවට අධිකරනයට ලබා දී ඇති පොරොන්දුව ද ලබන 04 වැනිදා දා දක්වා බලපැවැත්වෙන බව ද අධිකරණය ප්‍රකාශ කළේය.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය , බුවනෙක අලුවිහාරයේ, එල්. ටී. බී දෙහිදෙණිය, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනිණි.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ ඇත්තේ නීතිපති, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ හිටපු මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් යන මහත්වරු ඇතුළු 39 දෙනෙකි.
වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් වගකිවයුත්තන් මෙන්ම ඒ සම්බන්ධයෙන් මූලික වූ කරුණු සොයා බැලීමට කමිටුවක් පත් කරන ලෙසට ඉල්ලා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති සභාපතිවරයකු සහ සමාජ ක්‍රියාකාරිකයකු වන චන්ද්‍රා ජයරත්න මහතා සහ ප්‍රකට පිහිනුම් ශූරයකු වූ ජුලියන් බෝලින් මහතා ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල පැමිණිලිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් සියලුු දේපොළ රාජසන්තක කිරීම අමතක නොකරමු
රනිල් සහ පොහොට්ටුවේ අය ඉන්නකන් රාජපක්ෂලාට කිසිම බයක් නැහැ...
විදෙස් ගමන් තහනමක් කරලා විතරක් මදී.
ඔය කියන්නේ ගුවන් තොටුපළෙන් යන එක වෙන්න ඇති. යාපනේ හරහා බෝට්ටුවෙන් යන එක නෙමෙයිනේ නේද?
ඉක්මණින් මේ කල්ලියට දඬුවම් නොදුන්නොත් මෙයත් අනිත් පැමැණිලි වගේ යට ගහයි.
දූෂිත පවුල් පාලනේ රටට කරපු විනාසේ. ජනතාව මහපාරට ඇදලා දැම්මා. මහාපරිමාණ හොරකම්, වංචා, දූෂණ කරලා, අන්තිමට රටත් විකුණන් කෑවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කෙරුවා. හරි නම් සදහටම හිරේට දාන්නයි තියෙන්නේ...
දුර්ජනයාට උදව් කරන්න හොඳ නැහැ කියන්නේ ඕක තමයි. දැන් ඉන්න කාලකණ්ණින්ට අමතකයි. මේ ගෙවෙන්නේ යුද්ධයේ අවසාන කාල පරාසය කියලා බලවතුන්ගේ කීමට පිටුපෑව පාපය ගෙවන්නේ රාජපක්ෂ පවුලයි. දවසක තේරුම් ගනියි. ඒත් කල් වැඩියි...!
අනේ මේ කොහාට හරි යවපල්ල. මෙහේ තියාගෙන මොනවා කරන්නද?
ආසියාවේ ආශා්චර්යය නිර්මාතෘ දෙන්නට ඔන්න ඔහේ යන්න අරින්න.