
(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රභාකරන්ට බේරී පලා යෑම සඳහා සටන් විරාමයක් දුන් බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.
ඔහු මෙසේ පැවසූවේ මිනුවන්ගොඩදී පැවති ජන හමුවකදීය.
2009 දී යුද හමුදාව පුදුකුඩුඉරුප්පු තුන් පැත්තකින් වට කළ බවත් ඒ අවස්ථාව වන විට හමුදාවට යන්න තිබුණේ කිලෝ මීටර් දහයක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
2009 ජනවාරි 26 මුලතිව් ඇල්ලූ බව පැවසූ ෆොන්සේකා මහතා අල්ලා පැය දොළහක් යනකොට ඒගොල්ලන් පුදුකුඩුඉරුප්පුවල කිලෝමීටර් හත අටක් විතර දකුණෙන් ලං වුණ බව සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතා මෙසේද පැවසීය.
අවුරුදු දෙකකුත් මාස හයක් අපි යුද්ධ කරලා ඉවරයි. ගෝඨාභය රාජපක්ෂ විසි හත වෙනිදා මට කතා කරලා කියනවා සරත් ඔයා මේක අවුරුදු දෙකහමාරක් කළා. දැන් ඔයාට මහන්සි ඇතිනේ. වවුනියාවේ ඉන්න ජගත් ජය සූරිය කියන මිනිහට ඕක බාර දීලා ඔයා පොඩි විවේකයක් ගන්න කියලා. අවසාන කොඩිය දාන්න අඩි දෙක තුනයි පනින්න තියෙන්නේ. මට විවේකයක් ගන්නලු. අර මිනිහට කොඩිය දාන්න. ඒ වෙනකොට මේ ගොල්ලන් දැනගත්තා ප්‍රභාකරන් ඇතුළු පිරිස විනාශ වෙනවා කියලා. ඒ විනාශය ප්‍රමාද කරන්න තමයි මට විවේකයක් ගන්න කිව්වේ. මම කිව්වා බෑ කියල. අපි මේක ඉවර කරනවා කියලා කිව්වා. වැඩිම උනොත් මාසයයි.
මහින්ද රාජපක්ෂ ජනවාරි තිස් එක සහ පෙබරවාරි පළවෙනිදා සටන් විරාමයක් දුන්නා. අපි ආරක්ෂක මණ්ඩලයේදී එපාම කිව්වා. කිසිසේත්ම කරන්න එපා කිව්වා කිව්වා පැය 48ක සටන් විරාමයක් දුන්නා. ඒ සටන් විරාමයේදී සංවිධානය වෙලා අපිට ගැහුවා. මගේ හමුදාව කිලෝමීටර් හතරක් පහක් පස්සට ආවා. සෙබලු පන්සීයක් විතර ජීවිතක්ෂයට පත්වුණා. ඒ සටන් විරාමය දුන්නේ ප්‍රභාකරන්ට සහ නායකයන්ට පැනලා යන්න. එතකොට මේගොල්ලන් සොල්හයිම් වැනි මිනිස්සු එක්ක සාකච්ඡා කරනවා. ප්‍රභාකරන් කියන්නේ අංක එකේ මෝඩයෙක්. මිනිහා හිතුවා මේ දවස් දෙකේ ගහලා කොහොමහරි අල්ලගන්න. මිනිහා පස්සට ගියේ නෑ අපිත් එක්ක ඇවිත් ආපහු පටලගත්තා. ඒක හින්දා තමයි යුද්දෙ ඉවර වුණේ. එදා ඒ සටන් විරාමය දුන්නේ ඇයි කියලා මහින්ද රාජපක්ෂ ඕනම සභාවකට ඇවිල්ල කරුණු පැහැදිලි කරන්න ඕන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලෙන් කාලෙට මොකක් හරි කියාගෙන අවධානෙ ගන්න එනවා. චන්ද්‍රිකා මැඩම් මෙයා ගැන දන්න හින්දා තමයි විශ්‍රාම යවන්න හැදුවෙ.
පිස්සු තමයි...
තනිකරම කුහක කම...
මහින්දට ලැබෙන කිරිහට්ටි දැකලා පොඩි ඉරිසියාවක් ඇතිවෙලා වගේ වෙලේ විදානෙට... සුදු කොඩි කේස් එක වගේ තවත් පචයක් කියලා අතෑරියා නේද? ඩෝබිලා කීපදෙනෙක් දැන් තලුමරයි. ඒ හැර වෙන කිසිම කෙනෙක් ඕවා පයිසෙකට මායිම් කරන්නේ නෑ
දැන්ද ඕක කියන්න මතක් වුනේ. මෙච්චර කල් නින්ද ගිහිල්ලා හිටියැයි?
මේ මඩේ ගහන්න කීයක් හම්බ උනාද? බලාගෙන, නඩුවක් වැටෙන්නත් බැරි නෑ.
සුපුරුදු අසූච් වලට පැනලා.
මෙයා මහින්දට සැලියුට් ගහපූ එකා මිසක්. මහින්දට අණ දුන්නු එකා නෙමෙයි. 89 මෙයා ආණ්ඩුවේ රිලා හමූදාවේ කෙනෙක්. තව යුද්ධ කාලේ බැණා එක්ක කෝම්පැනි හදලා හම්බ කරපු අය. තමන්ගේ නිලධාරින්ට ගරු නොකරන තනියම යුද්ධ කරා කියලා කියන.... බන්කොලොත් මෝඩයෙක්. මතක ඇතුව පෙට්ටියට වීදුරුවට දාලා වයිපරයක් දාන්න කියන්න.
මේ කතාව මෙයා කියන්නේ මුල්ම වතාවටයි. හැබැයි අපි දන්නා තරමින් ප්‍රභාකරන්ව අල්ලන කොට මෙයා හිටියේ චීනේ. මෙයාටත් ඩයස්පෝරාවේ සල්ලිවල රස වැටිලා වගේ.
රණවිරුවෝ ජීවිත කැප කරලා රට බේරලා දුන්නා. අද නිදහසේ ඉන්නේ එම රණවිරුවන්ට පිංසිද්ධ වෙන්න ලොක්කෝ . මේක දේශපාලනයට ඇදගන්න එපා.
ඔබ කියන දේ ඇත්ත විය හැක. එත්, අපට අතීතය අවුස්සා, අවුස්සා ඉන්න කාලයක්, හේතුවක් සහ උවමනාවක් නෑ. යුද්ධයක් නැතුව සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගෙන එකමුතු රටක් ගොඩ නැගෙන එකයි, ශිෂ්ට මිනිසුන්ගේ බලපොරොත්තුව.
ඉතින් සටන නතර වුනොත් යුද්දෙට දෙන ආදාරත් නතර වෙනවා. චන්දයක් නොතියා දිගටම බලයේ ඉන්නත් පුලුවන්. දැන් මේකට උත්තර බදින්න එන්නෙ නාකි මයිනගෙ බේබි මයිනා ඇවිත් ගිරවෙක් වගේ කියවයි. බාප්පි එක්ක එයත් හිටපු විදියට
ඔයා දේශපාලන වශයෙන් අනාතවෙලා ඉවරයි ඒ නිසා දැන් පැත්තකට වෙලා කට පියාගෙන ඉන්න.
පහුගිය කාලේ හිටපු දේශපාලුවන් කරපු සමහර වැඩ ත්‍රස්තවාදීන් වත් කරන්නේ නෑ.
පපුව කුණු උනාම ඕනෑම වීරයෙක් ඉක්මනින් එක්ස්පයර් වෙනවා. ඊට පස්සේ කුණු කූඩයට විසිකරනවා ඇරෙන්න වෙන විකල්පයක් නැතිවෙනවා.
ගරු නම්බුනාම ඇතිව කොහොම ඉන්න පුළුවන් මනුස්සයෙක් ද? නිකන් පචවෙනවා වාචාල කතා සහ කුහක කම නිසා. දුකයි ඔබතුමා ගැන.
ඇයි, රාජාණෝ ජනාධිපති මැතිවරණෙ දිනන්න ටිරාන් ලව්වා කොටින්ට සල්ලි ඇරපු එක? පියාණෝ ජනාධිපති මැතිවරණෙ දිනන්න කොටින්ට සල්ලියි, ආයුධයි දෙකම දුන්නා මතක නැද්ද? ෆෙරාරි සියා සාම ගිවිසුම් ගහලා කොටින්ට උතුරු-නැගෙනහිර ලියලා දෙන්නම ගියා, චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසිරුවලා යාන්තම් බේරගත්තා. ඔබට මතක නැති වුණාට... අද වාගේ මතකයි මට...
යුද්දෙ බිස්නස් එකක් කරගෙන බොරු ජාති ආලයක් මවල රටම අන්දල, පස්සේ රටම දූෂණය කෙරුවා. ඒ කරුම මුලු රටම තාම ගෙවනවා. ෆොන්සේකා නැත්තම් තාම යුද්දෙත් යනවා, බිස්නසුත් කෙරෙනවා.
අනේ යනවා ඕයි යන්න....මරු කියවනවා....බස් එකක නැගල යනවා අංගොඩ...
ඔබතුමාගේ මෙම දේශපාලන උමතු භාවය ලබන ආත්මයේ වත් සුව වීමට පින් දහම් කරන්න.
දැන් දැනගන්නේ, ඔය රට බේරගත් මහින්දගේ සහ ගෝටාගේ දේශප්‍රමය
මේ මිනිහට පිස්සු.මහ කුහකයෙක්
කනගාටුවෙමි ..වීරයෙක් දේසපාලනය කරන්න ගිහිම් වැටුන තැනක්. ලැජ්ජයි කලවැදිතුමෝ...ඔයාම ඔයකටින්ම කිව්වනේ යුද්දේ දින්නෙ නිවැරදි දෙසපලන නායකත්වය ලැබුන නිසා කියලා
රාජපක්ෂලා කියන්නේ යුද්ධයෙන් ලකුණු දාගත්ත පිරිසක්... යුද්දේ කරනකල් කකුලෙන් ඇද්දා .. වැඩ ගොඩ ගියාම තමන් කරා වගේ ලකුණු දාගත්තා
මානුෂිය මෙහෙයුමක් කරලා රට නිදහස් කරන්න කොල්ලෝ කරපු කැප කිරීම තුට්ටු දෙකට දැම්මේ මේ මහත්තයාගේ ජනාධිපති වීමේ සිහිනය මැතිතුමා ඔබගේ හැම වචනයකම තියෙන්නේ වෛයිරය පලිගැනීම. බොරු කියලා සමාජය අන්දන්න අමාරුයි.මමත් මේ යුද්ධය නිසා ජීවිතයේ හොදම කාලය කැපකරපු කෙනෙක්.ඔබ මොන කතා කලත් ඔබට මේ රටේ ජනාධිපති වෙන්න බැරි වෙයි . ඒ නිසා සමාජයට වයිරය වපුරන එක නවත්වන්න
ඔය වගේ මහ අවලන් කතා කියන මිනිහෙක් මම දැකලම නෑ.