IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මහින්ද ‌- ගෝඨා මගේ කවුරුත් නොවේ

(යොහාන් භාසුර)

මහින්ද රාජපක්‍ෂ සිය තාත්තා හෝ ගෝඨාභය රාජපක්‍ෂ බාප්පා හෝ නොවන බවත් වාහන අළෙවිසැලකින් මිලදීගත් වාහනය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්දෙට පාවිච්චි කිරීම පිළිබඳව තමන්ට වගකීමක් නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය අද (1) පැවසුවාය.

පියුමි හංසමාලි මහත්මිය නාරාහේන්පිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.

පියුමි හංසමාලි වන තමන් රේන්ජ් රෝවර් වාහනයක් සහ කොළඹ හතෙන් ගෙයක් ගැනීම මුළු ලංකාවට ප්‍රශ්නය වී ඇති බවත් ක්‍රීම් නිෂ්පාදනය කරන ඇතමුන් සල්ලි දී මෙවැනි චෝදනා කරන බවත් ඇය කීවාය.

රේන්ජ් රෝවර් රථය මිලදීගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්‍ෂගේ වාහන මිලදී ගත්තේ යැයි තමන්ට එරෙහිව චෝදනාව ඉදිරිපත් කළ පුද්ගලයා ප්‍රකාශ කළේ රාජපක්‍ෂලාගෙන් පලිගැනීමේ චේතනාවෙන් බව කී හංසමාලි මහත්මිය ඔහුට රාජපක්‍ෂලා සමඟ ඇති ප්‍රශ්නයක් සිය කරමතින් යැවීමට උත්සහ කරන බව ද සඳහන් කළාය.

අහිංසකව ව්‍යාපාරයක් කරන තමන් වැනි කෙනෙක්ට මෙවැනි චෝදනාවක් නැගීම පව්කාර වැඩක් බවත් ඒ වැඩේට ඔහුට උඩ ඉන්න දෙවියෝ දඩුවම් කර තිබෙන බවත් ඇය සඳහන් කරන්නීය. හොඳ වාහනයක් පදින විට නැති කෙනෙක්ට ඊරිසියාව ඇති වන බව කී ඇය දෙයක් ඉගෙනගෙන ඇවිත් සල්ලි හම්බකරලා වාහනයක් ගැනීමට තහනමක් නොමැති බව ද පැවසුවාය.

සිය සමාගම අලෙවි කරන ක්‍රීම් පැක් එකක මිල රුපියල් 35,000 ක් පමණ වන බවත් ඇනවුම් 25,000 ක් පමණ සපයා ඇති බැවින් ඒ පිළිබඳව අවදානය යොමු කර මෙරට ජනතාවට තීරණයක් ගතහැකි බවත් ඇය කීවාය.

වැරදිකර නොමැති නිසා බියකින් තොරව පොලිසිය වෙත පැමිණි බව කී පියුමි හංසමාලි මහත්මිය පැවසුවේ වැරදි ව්‍යාපාර කර ඇත්නම් චකිතයකින් සහ භයකින් යුතුව පැමිණිය යුතු බවත්ය.

විදේශයකට ගොස් දෙයක් ඉගෙන පැමිණ අහිංසකව ක්‍රීම් ව්‍යාපාරයක් කරන බවත් පොලිසිය වෙත පැමිණීමේදී බැංකු වාර්තා ෆයිල් පෝරබෑග් 5 ක රැගෙන ආ බවත් ඇය කියන්නීය.

මෙවැනි ප්‍රශ්න පැමිණේ යැයි අනුමාන කළ නිසා ව්‍යාපාරයේ සියලු දේවල් බැංකු හරහා කළ බව කී හංසමාලි මහත්මිය පියුමි හංසමාලි සල්ලි හම්බ කළේ කුඩු විකුණලද, සිය සල්ලි කළු සල්ලි ද යන්න ඉදිරියේදී දැනගත හැකි බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

 

--------------------------------------

(යොහාන් භාසුර සහ ගයාන් සූරිය ආරච්චි)

ඉතාම සාධාරණ ව්‍යාපාරවලින් තමන් මුදල් උපයා ඇති බවත් කිසිඳු අවස්ථාවක මත්ද්‍රව්‍ය ව්‍යාපාර කර නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මය අද (1) පස්වරුවේ පැවසීය.

නාරාහේන්පිට පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකයේ පෙනී සිටීමෙන් පසුව ඇය එසේ පැවසුවාය.

කාන්තාවක් ව්‍යාපාරයක් කරගෙන යන විට මෙවැනි චෝදනා කිරීම පිළිබඳව කණගාටු වන බවත් කුමන චෝදනා කළත් තමන් නිර්දෝෂි යැයි දන්නා නිසා කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් පියුමි හංසමාලි මහතාමිය කීවාය.

තමන්ට බැංකුවල ගිණුම් 20 ක් නොමැති අතර තිබෙන ගිණුම් නවයක් පමණ ද ව්‍යාපාරයට අදාල ඒවා බවත් බොරු චෝදනා කළ පුද්ගලයන්ට ඒවා පළදෙන බවත් ඇය කීවාය.  

තමන් සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකය තව දුරටත් විමර්ශන කරමින් සිටින බවත් ඒ හේතුවෙන් තවත් දිනයක් දැනුම් දෙන්නේ යැයි පැවසූ බවත් ඇය කීවාය. 



අදහස් (28)

මහින්ද ‌- ගෝඨා මගේ කවුරුත් නොවේ

Prabha Monday, 01 July 2024 03:33 PM

එකනේ හැමතැනම ඊර්සියාකාරයෝ

:       6       165

ජගත් ලියනගේ Monday, 01 July 2024 03:51 PM

ලංකාවේ නිරූපිනියක් ඔච්චර සල්ලි හොයා ගත්තේ කොහොමද කියන එක ලොකු ගැටළුවක්...

:       173       67

gataluvaTuesday, 02 July 2024 08:51 AM

රටම බංකොලොත් කරපු අයගේ වත්කම් ගැටලුවක් නැතෙයි ඔහෙලාට

:       34       63

janahithaTuesday, 02 July 2024 08:55 AM

මස් කන බැක්ටීරියා දේශපාලනය ගැටලුවක් නැතිද උන්නට

:       37       8

Rosa Monday, 01 July 2024 04:43 PM

ඒකමයි මාත් කියන්නේ... කොච්චර අහිංසක ඇඟේ මැස්සෙක්වත් වහලා නැති මේ චූටි තොත්තෙටනේ මේ අය බොරු චෝදනා කරන්නේ... මෙයාගෙන් ක්‍රීම් ගාගන්න දේශපාලුවන් ටික කෝ අනේ..? එන්නකෝ මෙයාව බේරාගන්න අනේ...!

:       136       47

CreamBusinessTuesday, 02 July 2024 07:52 AM

හරි නගා, 35000 පැක් එකෙ නිශ්පාදන වියදම කියද? ලාභය= විකුණුම් මිල - නිෂ්පාදන වියදම (35000-30000) එතකොට තමයි ඔය කියපු බොරුව අතෙ පත්තු වෙන්නෙ ? (5000 *25000=125000000)

:       0       0

Pradeep Kumara Monday, 01 July 2024 04:47 PM

බොහෝම පැහැදිලිව එයා කියලා තියනවා... එයාගේ රූපලාවන්‍ය උපකරණ අලෙවි කරලා මුදල් උපයාගත් බව. එක පැක් එකක් රුපියල් 35000ක්... මාසෙකට අඩුම තරමින් 100ක් අලෙවි වුණොත්? එයාගේ තියන ෆෑන් බේස් එක සහ ජනප්‍රියත්වයත් එක්ක ඒ ගාන වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. අනික අද කාලේ ඉන්න බොහෝමයක් මධ්‍යම සහ ඉහළ පන්තියේ ගැහැණු මේ රූපලාවන්‍ය උපකරණ කීයක් දීලා වුණත් ගන්න මැලි වෙන්නේ නෑ...

:       21       166

රංබෙිඩ Monday, 01 July 2024 05:30 PM

කොහොමත් මෙයාට ප්‍රශ්නයක් වෙන්නේම නෑ. දේශපාලකයින් සහ තව තවත් උඩ තැන්වල ඉන්න අය මෙයාව රකින්නේ හරියට මලක් වගේ. ඒ තරම්...

:       112       47

janahithaTuesday, 02 July 2024 08:52 AM

හොර දේශපාලුවෝ මලක් වගේ තලනකොට කන ලංකාවේ ජනතාව රකිනවා

:       41       8

Saman Monday, 01 July 2024 06:51 PM

සල්ලි හම්බ කරලා තියෙන්නේ සාධාරණව නම්, කිසිදේකට බයවෙන්න එපා. විශ්ව මාතාව ඇයව ආරක්ෂා කර ගනීවි...

:       9       86

අමල් Monday, 01 July 2024 06:54 PM

පැය 03ක්! එහෙනම් ඒකටයි මේ සැරින් සැරේ ඩුබායි යන්නේ!

:       48       21

Ruwan De Silva Monday, 01 July 2024 08:49 PM

මේවා ඔක්කෝම දේශපාලන නාඩගම් කාලෙන් කාලයට රජයේ කුණු වහගන්න එක එක කතා මවනවා.. ඉස්සර වගේ ජාතිය බේරාගන්න අන්තිම අවස්ථාව කියන එක දැන් යල්පැනගිය දෙයක් හින්දා කව්රුහරි අල්ලාගෙන පතුරු ගහලා මාධ්‍ය සන්දර්ශන දානවා... අර යුක්තිය මෙහෙයුමට මොකද වුනේ? තාම කුඩ්ඩෝ හැමතැනම, අල්ලපු කුඩුවලට මොකද වුනේ? හෙට අනිද්දා තව මොකෙක්හරි අල්ලන් සංදර්ශනයක් දායි...

:       0       0

Kumar Monday, 01 July 2024 11:19 PM

වැඩ කරලා මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වෙන්න ඕනැ.

:       0       0

Perera Tuesday, 02 July 2024 12:45 AM

කිම් විකුණලා කෝටි 780ක් වාහනයක් ගත්තේ කොහොම ද කියලා ගණන් හිලව් පෙන්වන්න

:       0       0

Danush Tuesday, 02 July 2024 02:36 AM

එය ඔබගේ ව්‍යාපාර ආදායම නම් කිසිදුු පශ්නයක් නැ. එහෙනම් ගෙවන්න ව්‍යාපාර බදු?

:       0       0

WICKY Tuesday, 02 July 2024 02:40 AM

ඔබ හරි කියමුකෝ එහෙනම් නිත්‍යානුකූලව ආදායම් බදුත් ගෙවලා ඇතිනේ

:       0       1

Kumar Tuesday, 02 July 2024 04:15 AM

ලංකාවේ ඉන්නෙ ඊර්ෂ්‍යා කාරයො වෙන්න ඇති. කරගැට හැදෙන තෙක් වැඩකරලා උපයා දෙයට ඇයි මෙහෙම ඊර්ෂ්‍යා කරන්නෙ?

:       0       1

Swene Haputhantirige Tuesday, 02 July 2024 04:40 AM

ඔය ප්‍රශ්නය මම දන්නේ නැහැ . හැබැයි, අද කාලේ කාන්තාවන් හැඩ ගන්වන බිස්නස් එක ඉතා ලාභ දායි වැඩක්. ඒකනේ හන්දියක් හන්දියක් ගානේ සැලොන් තියෙන්නේ. අවුරුදු ගණනක් වෙහෙසීමෙන් ලබා ගන්නා ලොකු ලොකු සුදුසුකම් අවශ්‍ය නැතිවුනාට වසර කිහිපයකින් මහා ධනවතුන් වනවා.

:       0       0

Rasi Tuesday, 02 July 2024 05:02 AM

හම්බ කරනවා නම්, බදු ගෙවලා තියෙන්න ඕනෑ. රටේ කාටවත් බදු නොගෙවා ඉන්න බැහැ.

:       0       1

Nimesh Tuesday, 02 July 2024 07:36 AM

කොහොමත් සල්ලි තියනවානම් , රාජපක්ෂලාට තවම් සර් කියනවනම් , හරිම සාදාරණ පරීක්ෂණයක් පැවැත්වෙයි මේන් කියලා

:       0       0

janahitha Tuesday, 02 July 2024 08:53 AM

සැරින් සැරේ ඩුබායි යන්නේ බැසිල් සහ පවුල ඔබගේ අපේ ආයෝජන මෙහෙයවලා

:       37       11

Nimal Tuesday, 02 July 2024 09:45 AM

හාල් කිලෝ එකක් 200යි මම අද හාල් කිලෝ 50 ක් විකුණුවාම මගේ ආදායම 10000.00. මෙතන ඉන්න අයගේ තර්ක දිහා බලපුවාම මේ අය අන්දන්න සති දෙකක් ඇති ඕන හොරෙකුට

:       0       1

saman Tuesday, 02 July 2024 09:46 AM

පියුමි නිවැරදියි

:       7       8

fairoos Tuesday, 02 July 2024 11:28 AM

නිකන් නාඩගමක් විතරයි... විකාර...!

:       0       0

appuhami Tuesday, 02 July 2024 11:38 AM

ඔය අදායමට 36% ස්ලැබ් එකෙන් tax වදින්න ඕනේ. income tax ගෙවලාද බලන්න...?

:       0       1

sathya Tuesday, 02 July 2024 12:25 PM

මෙය දිගුකාලින ව්‍යාපාරයක් නොවේ. ගැටලු තියෙන්නේ අවුරුදු දෙකක් තුනකිින්මෙ තරම් මුදල් සොයා ගැනිම

:       0       4

සෙනෙවිරත්න Tuesday, 02 July 2024 01:46 PM

ගෝඨාගේ රථය ගැනීම ගැන අසතුටෙන් ඉන්න කෙනෙක් සමහර විට මේ පැමිණිල්ල කරන්න ඇති, ඒකට මුදල් සෙවීම පැහැදිලිව පෙන්නුවා නම් මොනවා කරන්නද, රටේ ඕන තරම් ඉන්නවා මෙහෙම වත් කියාගන්න බැරි පෝසත්තු සහ වත්කම් රැස් කරපු අය ඒවත් මේවත් සියල්ල සොයන යාන්ත්‍රනයක් සහිත පාලනයක් පත්කරගමු. මුන් දෙතුන් ගොල්ල ඕව කරන්නෙම නැහැ ඉඳල හිටල මේවගේ සංදර්ශනයක් දානව හැර.මොකද මේ දෙතුන් ගොල්ලගෙම අය ඉන්නව මෙහෙම වත් කියාගන්න බැරි අය, තම තමන්ගෙ මූනත්තහඩුව දම දමා බලය ඉල්ලන්⁣නෙ ආද⁣රේට නෙවෙයි.ගමේ ප්‍රාදේශීය සභාවෙ සභාපති එදා සහ අද ඉන්න හැටි බලන්න

:       0       4

Gamini Tuesday, 02 July 2024 09:15 PM

ලංකාව කිරි වලින් ස්වයංපෝෂිත නොවීම ලොකුම ප්‍රශ්නයක් , පසුගිය කාලේ 69 ලක්ෂයක් හිටියා, මෙයාගේ ක්‍රීම් අරගෙන 25000 ඉන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 2759 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 813 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 970 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1336 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 821 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 510 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 385 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1126 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site