
(යොහාන් භාසුර)
මහින්ද රාජපක්‍ෂ සිය තාත්තා හෝ ගෝඨාභය රාජපක්‍ෂ බාප්පා හෝ නොවන බවත් වාහන අළෙවිසැලකින් මිලදීගත් වාහනය ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඡන්දෙට පාවිච්චි කිරීම පිළිබඳව තමන්ට වගකීමක් නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මිය අද (1) පැවසුවාය.
පියුමි හංසමාලි මහත්මිය නාරාහේන්පිට ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එසේ පැවසීය.
පියුමි හංසමාලි වන තමන් රේන්ජ් රෝවර් වාහනයක් සහ කොළඹ හතෙන් ගෙයක් ගැනීම මුළු ලංකාවට ප්‍රශ්නය වී ඇති බවත් ක්‍රීම් නිෂ්පාදනය කරන ඇතමුන් සල්ලි දී මෙවැනි චෝදනා කරන බවත් ඇය කීවාය.
රේන්ජ් රෝවර් රථය මිලදීගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්‍ෂගේ වාහන මිලදී ගත්තේ යැයි තමන්ට එරෙහිව චෝදනාව ඉදිරිපත් කළ පුද්ගලයා ප්‍රකාශ කළේ රාජපක්‍ෂලාගෙන් පලිගැනීමේ චේතනාවෙන් බව කී හංසමාලි මහත්මිය ඔහුට රාජපක්‍ෂලා සමඟ ඇති ප්‍රශ්නයක් සිය කරමතින් යැවීමට උත්සහ කරන බව ද සඳහන් කළාය.
අහිංසකව ව්‍යාපාරයක් කරන තමන් වැනි කෙනෙක්ට මෙවැනි චෝදනාවක් නැගීම පව්කාර වැඩක් බවත් ඒ වැඩේට ඔහුට උඩ ඉන්න දෙවියෝ දඩුවම් කර තිබෙන බවත් ඇය සඳහන් කරන්නීය. හොඳ වාහනයක් පදින විට නැති කෙනෙක්ට ඊරිසියාව ඇති වන බව කී ඇය දෙයක් ඉගෙනගෙන ඇවිත් සල්ලි හම්බකරලා වාහනයක් ගැනීමට තහනමක් නොමැති බව ද පැවසුවාය.
සිය සමාගම අලෙවි කරන ක්‍රීම් පැක් එකක මිල රුපියල් 35,000 ක් පමණ වන බවත් ඇනවුම් 25,000 ක් පමණ සපයා ඇති බැවින් ඒ පිළිබඳව අවදානය යොමු කර මෙරට ජනතාවට තීරණයක් ගතහැකි බවත් ඇය කීවාය.
වැරදිකර නොමැති නිසා බියකින් තොරව පොලිසිය වෙත පැමිණි බව කී පියුමි හංසමාලි මහත්මිය පැවසුවේ වැරදි ව්‍යාපාර කර ඇත්නම් චකිතයකින් සහ භයකින් යුතුව පැමිණිය යුතු බවත්ය.
විදේශයකට ගොස් දෙයක් ඉගෙන පැමිණ අහිංසකව ක්‍රීම් ව්‍යාපාරයක් කරන බවත් පොලිසිය වෙත පැමිණීමේදී බැංකු වාර්තා ෆයිල් පෝරබෑග් 5 ක රැගෙන ආ බවත් ඇය කියන්නීය.
මෙවැනි ප්‍රශ්න පැමිණේ යැයි අනුමාන කළ නිසා ව්‍යාපාරයේ සියලු දේවල් බැංකු හරහා කළ බව කී හංසමාලි මහත්මිය පියුමි හංසමාලි සල්ලි හම්බ කළේ කුඩු විකුණලද, සිය සල්ලි කළු සල්ලි ද යන්න ඉදිරියේදී දැනගත හැකි බව ද ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
--------------------------------------
(යොහාන් භාසුර සහ ගයාන් සූරිය ආරච්චි)
ඉතාම සාධාරණ ව්‍යාපාරවලින් තමන් මුදල් උපයා ඇති බවත් කිසිඳු අවස්ථාවක මත්ද්‍රව්‍ය ව්‍යාපාර කර නොමැති බවත් ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි මහත්මය අද (1) පස්වරුවේ පැවසීය.
නාරාහේන්පිට පිහිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකයේ පෙනී සිටීමෙන් පසුව ඇය එසේ පැවසුවාය.
කාන්තාවක් ව්‍යාපාරයක් කරගෙන යන විට මෙවැනි චෝදනා කිරීම පිළිබඳව කණගාටු වන බවත් කුමන චෝදනා කළත් තමන් නිර්දෝෂි යැයි දන්නා නිසා කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවත් පියුමි හංසමාලි මහතාමිය කීවාය.
තමන්ට බැංකුවල ගිණුම් 20 ක් නොමැති අතර තිබෙන ගිණුම් නවයක් පමණ ද ව්‍යාපාරයට අදාල ඒවා බවත් බොරු චෝදනා කළ පුද්ගලයන්ට ඒවා පළදෙන බවත් ඇය කීවාය.
තමන් සැකසහිත ලෙස දේපළ උපයාගෙන ඇතැයි චෝදනාව සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් පිළිබඳව විමර්ශන ඒකකය තව දුරටත් විමර්ශන කරමින් සිටින බවත් ඒ හේතුවෙන් තවත් දිනයක් දැනුම් දෙන්නේ යැයි පැවසූ බවත් ඇය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකනේ හැමතැනම ඊර්සියාකාරයෝ
ලංකාවේ නිරූපිනියක් ඔච්චර සල්ලි හොයා ගත්තේ කොහොමද කියන එක ලොකු ගැටළුවක්...
ඒකමයි මාත් කියන්නේ... කොච්චර අහිංසක ඇඟේ මැස්සෙක්වත් වහලා නැති මේ චූටි තොත්තෙටනේ මේ අය බොරු චෝදනා කරන්නේ... මෙයාගෙන් ක්‍රීම් ගාගන්න දේශපාලුවන් ටික කෝ අනේ..? එන්නකෝ මෙයාව බේරාගන්න අනේ...!
බොහෝම පැහැදිලිව එයා කියලා තියනවා... එයාගේ රූපලාවන්‍ය උපකරණ අලෙවි කරලා මුදල් උපයාගත් බව. එක පැක් එකක් රුපියල් 35000ක්... මාසෙකට අඩුම තරමින් 100ක් අලෙවි වුණොත්? එයාගේ තියන ෆෑන් බේස් එක සහ ජනප්‍රියත්වයත් එක්ක ඒ ගාන වැඩිවෙනවා මිසක් අඩු වෙන්නේ නෑ. අනික අද කාලේ ඉන්න බොහෝමයක් මධ්‍යම සහ ඉහළ පන්තියේ ගැහැණු මේ රූපලාවන්‍ය උපකරණ කීයක් දීලා වුණත් ගන්න මැලි වෙන්නේ නෑ...
කොහොමත් මෙයාට ප්‍රශ්නයක් වෙන්නේම නෑ. දේශපාලකයින් සහ තව තවත් උඩ තැන්වල ඉන්න අය මෙයාව රකින්නේ හරියට මලක් වගේ. ඒ තරම්...
සල්ලි හම්බ කරලා තියෙන්නේ සාධාරණව නම්, කිසිදේකට බයවෙන්න එපා. විශ්ව මාතාව ඇයව ආරක්ෂා කර ගනීවි...
පැය 03ක්! එහෙනම් ඒකටයි මේ සැරින් සැරේ ඩුබායි යන්නේ!
මේවා ඔක්කෝම දේශපාලන නාඩගම් කාලෙන් කාලයට රජයේ කුණු වහගන්න එක එක කතා මවනවා.. ඉස්සර වගේ ජාතිය බේරාගන්න අන්තිම අවස්ථාව කියන එක දැන් යල්පැනගිය දෙයක් හින්දා කව්රුහරි අල්ලාගෙන පතුරු ගහලා මාධ්‍ය සන්දර්ශන දානවා... අර යුක්තිය මෙහෙයුමට මොකද වුනේ? තාම කුඩ්ඩෝ හැමතැනම, අල්ලපු කුඩුවලට මොකද වුනේ? හෙට අනිද්දා තව මොකෙක්හරි අල්ලන් සංදර්ශනයක් දායි...
වැඩ කරලා මහන්සි වෙලා හම්බ කරපු සල්ලි වෙන්න ඕනැ.
කිම් විකුණලා කෝටි 780ක් වාහනයක් ගත්තේ කොහොම ද කියලා ගණන් හිලව් පෙන්වන්න
එය ඔබගේ ව්‍යාපාර ආදායම නම් කිසිදුු පශ්නයක් නැ. එහෙනම් ගෙවන්න ව්‍යාපාර බදු?
ඔබ හරි කියමුකෝ එහෙනම් නිත්‍යානුකූලව ආදායම් බදුත් ගෙවලා ඇතිනේ
ලංකාවේ ඉන්නෙ ඊර්ෂ්‍යා කාරයො වෙන්න ඇති. කරගැට හැදෙන තෙක් වැඩකරලා උපයා දෙයට ඇයි මෙහෙම ඊර්ෂ්‍යා කරන්නෙ?
ඔය ප්‍රශ්නය මම දන්නේ නැහැ . හැබැයි, අද කාලේ කාන්තාවන් හැඩ ගන්වන බිස්නස් එක ඉතා ලාභ දායි වැඩක්. ඒකනේ හන්දියක් හන්දියක් ගානේ සැලොන් තියෙන්නේ. අවුරුදු ගණනක් වෙහෙසීමෙන් ලබා ගන්නා ලොකු ලොකු සුදුසුකම් අවශ්‍ය නැතිවුනාට වසර කිහිපයකින් මහා ධනවතුන් වනවා.
හම්බ කරනවා නම්, බදු ගෙවලා තියෙන්න ඕනෑ. රටේ කාටවත් බදු නොගෙවා ඉන්න බැහැ.
කොහොමත් සල්ලි තියනවානම් , රාජපක්ෂලාට තවම් සර් කියනවනම් , හරිම සාදාරණ පරීක්ෂණයක් පැවැත්වෙයි මේන් කියලා
සැරින් සැරේ ඩුබායි යන්නේ බැසිල් සහ පවුල ඔබගේ අපේ ආයෝජන මෙහෙයවලා
හාල් කිලෝ එකක් 200යි මම අද හාල් කිලෝ 50 ක් විකුණුවාම මගේ ආදායම 10000.00. මෙතන ඉන්න අයගේ තර්ක දිහා බලපුවාම මේ අය අන්දන්න සති දෙකක් ඇති ඕන හොරෙකුට
පියුමි නිවැරදියි
නිකන් නාඩගමක් විතරයි... විකාර...!
ඔය අදායමට 36% ස්ලැබ් එකෙන් tax වදින්න ඕනේ. income tax ගෙවලාද බලන්න...?
මෙය දිගුකාලින ව්‍යාපාරයක් නොවේ. ගැටලු තියෙන්නේ අවුරුදු දෙකක් තුනකිින්මෙ තරම් මුදල් සොයා ගැනිම
ගෝඨාගේ රථය ගැනීම ගැන අසතුටෙන් ඉන්න කෙනෙක් සමහර විට මේ පැමිණිල්ල කරන්න ඇති, ඒකට මුදල් සෙවීම පැහැදිලිව පෙන්නුවා නම් මොනවා කරන්නද, රටේ ඕන තරම් ඉන්නවා මෙහෙම වත් කියාගන්න බැරි පෝසත්තු සහ වත්කම් රැස් කරපු අය ඒවත් මේවත් සියල්ල සොයන යාන්ත්‍රනයක් සහිත පාලනයක් පත්කරගමු. මුන් දෙතුන් ගොල්ල ඕව කරන්නෙම නැහැ ඉඳල හිටල මේවගේ සංදර්ශනයක් දානව හැර.මොකද මේ දෙතුන් ගොල්ලගෙම අය ඉන්නව මෙහෙම වත් කියාගන්න බැරි අය, තම තමන්ගෙ මූනත්තහඩුව දම දමා බලය ඉල්ලන්නෙ ආදරේට නෙවෙයි.ගමේ ප්‍රාදේශීය සභාවෙ සභාපති එදා සහ අද ඉන්න හැටි බලන්න
ලංකාව කිරි වලින් ස්වයංපෝෂිත නොවීම ලොකුම ප්‍රශ්නයක් , පසුගිය කාලේ 69 ලක්ෂයක් හිටියා, මෙයාගේ ක්‍රීම් අරගෙන 25000 ඉන්නවා