(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මතවූ සැණින් තමන්ගේ පියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිල නිවසෙන් ඉවත්ව යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
මෙම එක දේපළක් වත් බලෙන් ගත් ඒවා නොවන බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපතිවරුන් බලයේ සිටි කාලයේදී ගන්නා යම් යම් තීරණ හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පසුවට ප්‍රශ්න මතුවිය හැකි හෙයින් ඔවුනට ආරක්ෂාව අවශ්‍ය බවත් ජනාධිපතිවරයා ගන්නා මෙම තීරණ ඉදිරියේදී ඔහුටම පාරාවළල්ලක් විය හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සංවිධායකවරුන් පිරිසකට පත්වීම් ලිපි ලබාදීමෙන් පසු කොළඹ එම පක්ෂ කාර්යාලයේදී මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක් වූ හිටපු රාජ්‍ය අමාත්‍ය දිනුම් අමුණුගම මහතා පැවසුවේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කොළඹින් යැව්වොත් ගෙවල් සීයක් ඔප්පුත් එක්ක දෙන්න මිනිස්සු ඉදිරිපත් වන බවයි .මහින්ද මහතා වෙනුවෙන් නොනිල ජනාධිපති මන්දිර සෑම දිස්ත්‍රික්කයකම ඉදිකිරීමට ජනතාව සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය.
දේශයේ රක්ෂකයා ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මහින්ද කොළඹ ගෙදර අතහරී
පුරවැසියා Sunday, 03 August 2025 04:13 PM
යයි? පනතෙත් වැරැදි හොය හොයා තව ටික කාලයක් ලගින්න බලයි. විලි ලැජ්ජාවක් ඇත්තේම නැහැනේ...
ප්‍රියා Sunday, 03 August 2025 04:14 PM
තමුන් විසින් තමුන් උදෙසා නීති හදා ගැනීම සාධාරණද? ඕවා තමන්ට සැප ගන්න දාපු නීතිය තුළ තම විසින් ලබාගත් දේවල් ජනතාව කියලා හෝ ජනතාව කියලා කරපුවා එහෙම නෙවෙයි. JR සිට ගෝ බාප්පා දක්වා දාපු හා ආරක්ෂා කරගත් නීති හා වත්පිළිවෙත්... බහිරවයෝ වෙන්න එපා... මාස පතා TV Bana මාලිගාවල සිට කරාට අනුන්ගේ දේවත් අත් අරින්න බෑ නේද?
m. saman perera Sunday, 03 August 2025 04:30 PM
විශාල ජනවරමක් දුන්නේ ඒවට තමයි.
Siri Sunday, 03 August 2025 04:49 PM
බලෙන් ගත්තු දේපල නොවේ කියලාද කියන්නේ? එතකොට මහජන මුදල් කොටි ගණනක් වියදම් කරලා මාලිගාවක් වගේ අලුතෙන් හදාගත්තු එක මොකද්ද? පාරාවළල්ලක් වෙන්නේ හොරා කෑවොත්, බලය අවභාවිතා කළොත් නැත්නම් පාරේ බැහැලා යන්න බැරිවෙන්න හතුරෝ ඇතිකරගත්තොත් විතරයිනේ. ඒ හින්දා මේ ගොල්ලන්ට අවුලක් වෙන එකක් නෑ. මගේ හිතේ...
අන්_ර Sunday, 03 August 2025 05:22 PM
ඩෝබිල චූන් කරන්න ගහපු ගැසට් එකක් මිසක් ඕකෙන් පරණ අයට බලපෑමක් නෑ නාමල් මල්ලි...
fairoos Sunday, 03 August 2025 05:25 PM
අනේ ඉතාම හොඳයි... ඔය වගේ බයියෝ ඉනනකන් රට බංකොළොත් තමයි.
චොකා මල්ලි Sunday, 03 August 2025 05:26 PM
කෝ සහෝ දුන්නු පොර ටෝක්, මේ ටික වෙලා පශ්චාත් බාගෙ බිම ඇනෙන්න කලින් ගියානම් කොච්චර නම්බුද?
Pankumburage Sunday, 03 August 2025 05:50 PM
අමුණුගම නැවතත් ඇවිල්ලාද? ඡන්දේ ඉල්ලුවේ රොටියත් එක්ක නේද?
ටිල්වින් සීයා Sunday, 03 August 2025 06:06 PM
ඔය පනතෙන් කෙලවෙන්නේ අනුරට මිසක් පරණ හිටපු අයට නෙමෙයි. අනුර පැරදුණාට පස්සේ අපි එයාව සැප රටකට යවනවා. නැත්නම් වෙන්නේ තඹුත්තේගම හරක් බලන්නයි.
Chathuri Sunday, 03 August 2025 06:10 PM
මේයාගේ දැනුම හැටියට නේ කතාව. හොඳ නරක තවම දන්නේ නැහැ. බලය ගැන දන්නෙත් නැහැ. ඒකනේ මෝඩ බේබි කියන්නේ. හිතන් ඉන්නේ මේකෙන් ගියා කියලා තමුන් ජනාධිපති වෙන්නෙත් නැහැ. ඔය ගෙදරින් යන්නත් වෙන හේතුවක් ඇති. නිකම්ම අවලන්ගු කාසියක් වුණා. මෝඩ බේබිලාට හොරකම් කරලා දීලා තියෙන්නේ මදි නොකියන්න. සිංගප්පූරු හොස්පිට්ල් එකේ මැරෙනකම් තියා ගන්න දෙන්නාවම. ඒ තරම් මුදල් කන්දරාවක් හොරකම් කෙරුවේ මෙයාගේ පරම්පරාවම... මොවුන් දැන් රජ සැප අරගන ඉන්නවා. මැරුණාට පස්සෙ ආත්ම ගානක් නරකාදියේ ඉන්නේ. කරපු දූෂිත වැඩවලට දුප්පත් ජනතාව දුක් විඳලා මැරුණාම... නිවන් දකිනවා ස්වර්ගස්ථ වෙනවා. මොවුන්ට කන්න බොන්න සැප දීලා බලා ගත්තාට... පුලුවන්නම් එක දුප්පත් මිනිහෙක් මෙයාට ගෙයක් හදලා දෙයි කියලා ඔප්පු කරනවාද? මම දෙනවා ගව ගාලක් හදලා. කැමැතිනම් ඉන්න. ඕන කෙනෙක් හදලා දෙයි ගව ගාලක්. ගෙවල් හදන්න තරම් පිස්සු නැහැ...
Neel Sunday, 03 August 2025 06:25 PM
මිනිස්සුන්ට පිස්සුද හැම දිස්ත්‍රික්කයකම මාලිගා හදන්න. නැවත රජවරු නැත. ඉන්නේ සහෝදරවරු පමණි..
Selvam Sunday, 03 August 2025 06:29 PM
ඔප්පු කරපු හොරකම් ඕනෑ නෑ, මහින්ද ට ඔහොම සලකලා මදි, සිංහලයෝ යන යන ගෙවල් ගිනි තියන්න ඕනෑ මහින්දගේ. සිංහල මිනිස්සුන්ගේ මළ මිනී නැවැත්තුවාට සිංහලයා සලකයි කියලා හිතාගෙන ඇති. ඉන්ට ගෙයක්වත් දෙන්න හොඳ නෑ...
ගුණරත්න Sunday, 03 August 2025 06:31 PM
විපක්ෂේ ඉන්න කාලේ දිගට හරහට බැන්නා හොරකං කරා ගගා. දැන් ආණ්ඩුවේ, මන්ත්‍රීලා 159ක් එක්ක ඉන්නවා, එත් තාමත් හොරා හොරා... අල්ලපු හොරෙක් නැහැ. හිරේ ගිය උන් ටිකත් අවුරුදු 10ක් විතර පරණ නඩු නිසා හිරේ ගිය උන්.
Prematilleke Sunday, 03 August 2025 06:31 PM
නාමල් මහතා, තම චරිතය ප්‍රතිනිර්මාණය කිරීමේ උත්සාහය 2010 හෝ 2020 ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමග නොකෙරුවේ ඇයි කියන එක නොපෙනුනේ, ඔහු එවිට නිර්මාණය කළේ සහ රඟපෑවේ, හොරෙක්, වංචාකාරයෙක්, සල්ලාලයෙක් හෝ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාරයේ තම සුප්‍රසිද්ධ මහජන ගැටකපන්නා වන ජේෂ්ඨ රජතුමා සහ අනිකුත් රාජපක්ෂලා සමග ශ්‍රී ලංකාව සුද්දකිරිමේ ව්‍යාපාරයේ නිරත වී සිටි නිසාය. දැන් සිංහ වේශයෙන් පෙනී සිටිමින් ඊට වඩා දේව දුතයෙක් ලෙස හැසිරෙන මොවුන් කූරු ගණන් කිරීමට වඩා, සුද්ද කළ, හැම මහජන දේපලක්ම සහ ඇස් නොවසා හොරකම් කල මුදල් ආපසු පොලියද සමග ගෙවා, පවුලේ සහ නෑදෑයින් සහ තමාද ඇතුළට යාමේ ප්‍රීතිය දිවයිනේ ජනතාවට දන්වා සිටින්නේ, රට වටේ ගොස් ඔවුන් නිසා බඩ ගින්නේ මියගිය ආත්මවල අවතාර සහ යමපල්ලන්ගේ කරට අතදාගෙනයි.
Niranga Sunday, 03 August 2025 06:53 PM
අන්න එහෙම එළියට යන්න.
Thulsi nishshanka Sunday, 03 August 2025 07:14 PM
නාමල් කටමැත දොඩවනවා... මහින්ද අද තනිවෙලා. මොවුන්නටපු නැටිලි නිසා අද හොම්බෙන් යන්නේ...
Jagath Leanage Sunday, 03 August 2025 07:27 PM
ඇති යාන්තන්. ඔතැන ඉඳලා මැරිලා ගියා නම් හොල්මනක් වෙලා හරි ඉඳියි. පුදුම දේපළ තන්හාවක් තියන එක්කෙනෙක් තමයි මහින්ද...!
පන්සිළු Sunday, 03 August 2025 07:35 PM
කවුරු මොන මානසික මට්ටමක ඉඳගෙන කතා කළත්, මොන සමාජ මට්ටමක ඉඳන් බලයට ආවත්, මොන දේශපාලන මත දැරුවත්, මොන මොන ජාති විරෝධීන් සමඟ ගණුදෙනු කළත්, මහින්ද කියන්නේ නිකම්ම නිකම් හිටපු නායකයෙක් නොවේ. ඒ වග හැම දීන හීන පුද්ගලයකු ම දැනගත යුතුයි...