
(අංජුල මහික වීරරත්න)
වර්තමානයේ ලංකා කාන්තාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ තංගල්ල කාල්ටන් නිවසේ සිට සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පවසයි.
තංගල්ල කාල්ටන් නිවසට පැමණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ සමාජිකාවන් සමඟ සුහද කතාබහක යෙදිණි. එම අවස්ථාව සඳහා බිරිඳ ශිරන්ති රාජපක්ෂ ද සම්බන්ධ වූ අතර එහිදී කාන්තා සංවිධානයේ වත්මන් සහ ඉදිරි කටයුතු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී.
වර්තමානයේ අප රටේ කාන්තාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ සිටියි. දේශපාලනික හා සමාජයීය ක්ෂේත්‍ර තුළ කාන්තාවට කළ හැකි කාර්යභාරයට හොඳම උදාහරණය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ මා දුටු දැවැන්තම කාන්තා පෞර්ෂයයි. මා ඇසින් දුටු ජාතික නායිකාවක් ලෙස සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැඳින්විය හැකිය. පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ සාමාජිකාවන් හමු වූ දිනයේම, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 25 වන ගුණ අනුස්මරණය යෙදී තිබීම හේතුවෙන් පැරණි මතකයන් අවදි වූයේ නිරායාසයෙනි. මැතිනියටත් මෙරට සියලුම කාන්තාවන්ටත් ගෞරවයක් ලෙස කෙටි මතක සටහනක් තබමි.
බණ්ඩාරනායක මැතිනිය මා හඳුනා ගනු ලැබුවේ ඉතාමත් කුඩා කාලයේය. මගේ පියා සමඟ රොස්මීඩ් පෙදෙසේ පිහිටි නිවසට ගිය අවස්ථාවක පළමු වැනි වරට මා එතුමිය දුටුවා. එදා ඒ දුටු කුල කාන්තාව පිළිබඳව මට ඇති වුනේ මාතෘ සෙනෙහසකි. අප වයසින් වැඩෙන විට එතුමිය කෙරෙහි ඇති සෙනෙහස, ගෞරවය තව තවත් වර්ධනය විය. ඔසරියෙන් සැරසුනු අභිමානවත් රුවක් හිමි ඇය නොසැලෙන ගුණයෙන් ද, දේශීය චින්තනයෙන් ද, මව්වත් ගුණයෙන් ද පිරුණු මෙරට මෙන්ම ලෝක දේශපාලනය ද හැඩකළ, බලයත් සෙනෙහසත් සම සිතින් ගත් අම්මාය. එතුමිය ගෞරවයෙන් සහ සෙනෙහසින් මම සිහිපත් කරමි.
පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ ඉදිරි කටයුතු වෙනුවෙන් මාගේ සුබ පැතුම් පිරිනමමි. තොටිල්ල පැදවූ අතින් ආණ්ඩු කරමින් ගෞරවනීය ලෝක ඉතිහාසයක් නිර්මණය කළ රටක කාන්තාවන් ලෙස, මවක් ලෙස සමාජයීය යහපැවැත්ම උදෙසා කටයුතු කිරීම ඔබට උරුමයෙන්ම හිමි බව සිහිපත් කරනු කැමැත්තෙමි යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුගේ බටර් ඕවා . ඊළඟ චන්දෙ බලාගෙන කියන කතා. කට අරිද්දත් මුන්ගේ වාසියකට විතරයි, පොදු යහපතට කියන කතාවක් නෙවෙයි.
ඒ කෙසේද යත් ආර්යාව එක්තරා නිළියකගේ කොණ්ඩයද කපා රටින්ද ටික කලකට එලවා දැම්මා……
සිරිලිය ගැන, තාජුඩීන් ගැන ඇහුවෙ නැතෙයි
ගාව පට්ටියක්ම ගිහින්... මුන් ස්වභාවිකවම මැරිලා යනකල් මේ රට හදාගන්න බෑ ශාන්ත..
හෙට අනිද්ද මිනිහ කහ රෙද්දක් ඇගේ ඔතාගෙන බන කියන්නත් පුලුවන් මේ යනවිදියට.
අඳුනනවද බලන්න බේරේ වැවේ නාපු අය ඇති ඔතන
බන්ඩෝ, බේරෙ වැවෙන් නාපු වසන්තා ඇන්ටි එංගලන්තෙට ගිහිං වලකජ්ජ ගැහුවා. දැන් මෙතන ඉන්නේ බේරෙ වැවෙන් නාපු නැති, හැබයි නාන්න බලාගෙන ඉන්න කට්ටිය.
අපි ඔයා කියපු දේවල් ගැන හිතපු විදිහ ජනාධිපති චන්ද්‍රිකා මැතිණියගෙන් අහලා බලමුද?
ජනතාව මහින්දයා ගේ අ(ගුණ) කියයි.ආසියාවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා ජනතාව රවට්ටලා බලයට ඇවිත් ,පව්ලේ උන්ව කිට්ටු කරගෙන රටම හොරාකාලා විනාශ කරපු හැටි හොන්දට ලුණු ඇඹුල් ඇතිව කියනවා.දෙස් දෙවොල් තියනවා.හෙන ඉල්ලනවා.
කතුන් කිව්වේ උඩ පැනගෙන කෑගහපු නිළියෝ ගැන වෙන්ඩැති?