
(අංජුල මහික වීරරත්න)
"ජන සතු වීම මහින්දට සතුටක්" බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල කාල්ටන් නිවසේ සිට ෆේස්බුක් සටහනක් තබමින් පවසයි.
රැකගත් මිනිස් වත්කමෙහි වටිනාකම අන් සියලු වත්කම් ඉක්මවයි යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා කියයි.
මහින්ද රාජපක්ෂ මහතා තැබූ සටහනේ මෙසේද සඳහන් වේ.
හිටපු ජනාධිපති මා සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මියගේ පැමිණීම සතුටට කරුණකි.
රණ වික්‍රම සහ රණ ශූර පදක්කම් දිනූ ලුතිනල් කර්නල් ගෝඨාභය ද, ආරක්ෂක ලේකම් ගෝඨාභය ද, ජීවිත ආරක්ෂා කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද මට ගෞරවයකි. කුමන තනතුරක් දැරූව ද මා සොහොයුරු ගෝඨාභය සැමදා කළේ මිනිසුන් රැකගැනීම බව මම විශ්වාස කරමි.
විමල් දුටු විට මට මතකයට නැගෙන එක් සුවිශේෂී සිදුවීමක් ඇත. සේනාධිනායකයා වශයෙන් ද, ජනාධිපති මහින්ද රාජපක්ෂ වශයෙන් ද, මෙරට සාමාන්‍ය පුරවැසියෙකු වශයෙන් ද මාගේ ජීවිත කාලය පුරාවටම මට අසන්නට ලැබුණු සතුටු දායකම ප්‍රවෘත්තිය ලැබෙන මොහොතේ විමල් මා අසලින් සිටියේය.
අප දෙදෙනා සිනහවෙන් බෙදාගත් සතුට මට හොඳින් මතකය. තම මිලේච්ඡ අරමුණු වෙනුවෙන් දශක තුනක් පුරා අප රටත් ජාතියත් විනාශ කළ, තම වර්ගයාම පලිහක් ලෙස යොදා ගනිමින් දමිළ දරුවාගේම කරේ සයනයිඩ් කරලක් එල්ලා අතට බෝම්බයක් දුන්, එහෙත් තම ගෙලෙහි කලු නූල සහිත සයනයිඩ් කරල දමා නොගත් ත්‍රස්තවාදියා මියගොස් ඇති බවට තහවුරු කළ එම දැනුම් දීම සැබවින්ම මා ලද සතුටු දායකම ප්‍රවෘත්තියයි. විමල්ට ද එය එසේම යැයි මම සිතමි.
මෙම දින කිහිපය පුරාම කාල්ටන් නිවසට පැමිණෙන දූ දරුවන්ගේ සහ ජනතාවගේ කතා බහට සවන් දෙමි, සතුට පිරුණු එම මුහුණු මා සැමදා දකින්නට අපේක්ෂා කළ දෙයකි. පැමිණෙන සියලු දෙනා දෙස මම බලා සිටිමි. හැකි අයුරින් කතා බහ කරමි. රැකගත් මේ මිනිස් වත්කමෙහි වටිනාකම අන් සියලු වත්කම් ඉක්මවයි. ජන සතු වීම මහින්දට සතුටකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මප හිටගෙනද ?
ඕවා මෝහය නිසා කියන කතා, දාන සීල භාවනා වල යෙදෙන්න, ඊට එහා ධනයක් නෑ, අපිට නම් ජනසතු කරන්න දේවල් නෑ.
සුනාමි වත්කම තවම ගනං හදලා නෑ නේද
තවම යුද්ධය විකිනීම අවසන් නැත!
පිස්සු මහින්ද
දූෂණය හා බලයට ඇති අධික කෑදරකම නොවේ නම් ජනතා හිත දිකාගැනිම සම්බන්ධව තිසිවෙකුට ඔහු අසළටවත් ඒමට නොහැකි වනු ඇත.
ඔබතුමාට නීරෝගී සුවය සහ දීර්ඝායුෂය ප්‍රාර්ථනා කරනවා!
දැන් යුද්දේ market කරන්න බෑ.....
ඒ අතරට තාජුඩීන්, එක්නැලිගොඩ, ලසන්ත ගාතනය කිරීම, ලලිත් කුගන් අතුරුදහන් කිරීම පොහොද්දල ජයන්ත උපාලි තෙන්නකෝන් කීත් නොයාර්, පැහැරගෙන යාම තර්ජනය කිරීම හා පහරදීම යනාදිය මගේ වත්කම්ය. ඊටත් අමතරව වැලිවේරිය පානීය ජලය ඉල්ලා උද්ඝෝෂනය කල පුද්ගලයින්ට වෙඩි තබා ගාතනය කිරීම ඉන්ධන සහනාධාරය ඉල්ලා උද්ඝෝෂනය කල ධීවරයන් ගාතනය කිරීම වගේම තමන්ගේ සේවක අර්ථසාධක අරමුදල අවභාවිත කිරීම වලක්වන්න උද්ගෝෂණය කල වෙළද කලාපයේ තරුණයන් වෙඩි තබා ගාතනය කිරීමද මට මහත් වත්කමකී.
පණිවිඩේ එනකොට ලග හිටපු විමලයා මතක් උනාට යුද්දෙ දිනවපු සරත් ෆොන්සේකා මතක් උන් නැ නේහ්.
ඔබතුමා යුද්ධය දිනූ නායකයා ලෙස සදා අමරණීයයි. එහෙත් පසුකාලීනව කළ වැඩ කටයුතු නිසා ඔබ ඔය කියන වත්කමක් නොවේ.
කවුද ලියා දුන්නෙ? නැතුව අය...හික් හික්!
... කල වැරදි වලට ලැබෙනු ඇතැයි සිතෙන දඩුවම් වලින් බේරී සිටීමට මහින්ද යොදන උප්පරවැට්ටියකි.
යුද්දේ දින්නට රටට සුද්දේ දුන්නේ නැහැ, ඒකයි ප්‍රශ්නේ.”
මහත්තයෝ ඹයා ඹච්චර මිනිස්සුන් හම්බකලානම් අද මේක සුරපුරයක්. කාලා කලා දැන් විකාරයෙන් හෑලි ලියන්න එපා. අවාසනාවක මහත. ගොන් මීහරක් තාම ඉන්න එක
ජනතාවට පොරොන්දු වෙච්චි විදියට ආසියාවේ ආස්චර්‍ය පෙන්වුවානම් ,අරගලයෙන් පන්නයිද? බලලෝලි බඩගෝස්තරවාදියා.ජනතාව රවට්ටලා බලය අරන් ,මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරපු හැටි ලෝකෙම දන්නවා .ආර්තික ගාතකයා,සුනාමි හොරා කියලා අදිකරණයෙන් පවා වරදකරු වෙචිචි .. ..සුදනා වෙන්ඩ හදන හැටි දැක්කම අපිටම ලැජ්ජයි .
ළගකදී ඉන්දලා ෆේස් බුක් වල අනුන්ට කියලා ලියවා ගත්තු සටහන් දානවා වැඩි. බලයේ හිටපු කාලේ කියපු කරපුවා මතක් වෙලා නින්ද යන්නේ නැතුව ඇති. මරුවා සමග වාසේ?
මයින්ද මාත්තයට තව සතුටු හිතෙන ආරංචි ගොඩක් ඉස්සරහ ට එන්න තියනවා... පණ අල්ලන් ඉන්න රත්තරනේ
මෑමල් පුතාටනම් බාගෙට පිස්සු.
මැදමූලන ඉලව්වේ හැරමිටි වාරුවෙන් යන නාකි මයිනාට social media වලටත් මහජනතාව ඉදිරියට පැමිණ ඔය වගේ භාරදූර, හරවත් "වැදිබණ" දෙසන්නට පුළුවන් තරමෙ මානසික හැකියාවක් නොමැති බව අමුතුවෙන් කිවයුතු නැත. එය හැමෝම දන්නා ප්‍රසිද්ධ කාරණයකි. රාජපක්ෂ සනුහරේ සට්ටැඹියෙක්, ඉවක් බවක් නැතිව කුරුටු ගා දෙන වට්ටෝරුවක් කියැවීම, කලක සිට මයිනාගේ පුරුද්දක්වී තිබෙන බව කුඩා දරුවන් පවා දැන් දන්නා කරුණකි. ඔය තුණ්ඩුවේ තියෙන්නේ මයිනා "කරා කියා හිතෙන හොඳ වැඩ" ලැයිස්තුවක් පමණි. මින් ඉදිරියට දෙන මයිනගේ වැඩ ලැයිස්තුවට man කරපු, වල් නම්, ජඩකම්, පාහරකම්, තනිව සහ දරුවන්, ගෑණි, පවුල් සංස්ථාව, ගොල බාලයින් එක්ක ගහපු රාජකීය ගැහිලි, මිනීමැරුම් ආදියත්, හුදී ජන පහන් සංවේගය සදහා, දෙසා බානවා නම් අසන්නන්ට සහ කියවන්නන්ට මාර ආතල් එකක්, ජොලියක් ලැබෙන බව අමුතුවෙන් කිවයුතු නැත.