
(රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි)
වසර ගණනාවකට පසු ප්‍රතිසංස්කරණය කෙරුණු අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද මෙවර පොසොන් සමයේ සිට එහි දුම්රිය ධාවනය යළි ලබන 17 (සඳුදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පැවැසීය.
මේ වනවිට එම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු බොහෝදුරට අවසන් කර ඇති බව ඒ මහතා කීය.
"දැනට මේ පාරේ වැඩ අවසන් කරමින් පවතිනවා. රේල් පීලි හා සිල්පර දමා ශක්තිමත් ලෙස අලුත්වැඩියාවන් කළා. මාර්ග නඩත්තු ඒකකයේ ඉංජිනේරු කාර්යයන් අනුව ඉතිරිව ඇත්තේ සිල්පර අතරට කළුගල් කැබැලි ඇතිරීම පමණයි. එයත් ඉක්මනින් අවසන් කෙරේවි. දැනට දුම්රිය ධාවනය කළ හැකි තත්ත්වයට පත් වී තිබෙන බව මාර්ග නඩත්තු ඒකකයෙන් දැනුම් දී තිබෙනවා. " යැයි විස්සුන්දර මහතා කීවේ ය.
මේ නිසා දුම්රිය ධාවනය නැවත ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් මෙම මාර්ගය අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දක්වා වෙනම ම ඉදිකිරීම නිසා උතුරු දුම්රිය මාර්ගයට බලපෑමක් නැතිව ධාවනය කළ හැකි බවත් දුම්රිය නිලධාරීහු පවසති.
පොසොන් දිනවල මිහින්තලය පුදබිමට යන එන වන්දනාකරුවනට ගමන් ගාස්තු අය කිරීමකින් තොරව දුම්රියෙන් යාමට අවස්ථාව සැලසීම සඳහා පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දැනගන්න තියන්න එපා... ඕකෙනුත් කීයක් හරි හම්බ කරන්න බලයි.
අනුරාධපුර - මිහින්තලේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් නොකළ ද මෙවර පොසොන් සමයේ සිට එහි දුම්රිය ධාවනය යළි ලබන 17 (සඳුදා) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රවාහන අධිකාරී නිරන්ත විස්සුන්දර මහතා පැවැසීය. වැඩ නිමාවට පත් නොවූ දුම්රිය මාර්ගයක් භාවිතයට ගැනීම විශාල අනතුරකට අත වැනිමක්...
වැඩ බැරි පොතේ ගුරෙක් යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ තිබෙන ප්‍රශංසනීය සංවර්ධනය.. අනුරාධපුර සිට මිහින්තලයට කිලෝමිටර් කිහිපයක් දුරක් යන්න රටේ විවිධ ප්‍රදේශ වල සිට බස් වලින් එන්න වෙලා ඒ ආවත් ගමන් කරන්න සිදු වෙන බාගයට අටවපු දුම්රිය මාර්ගයක