
(බී.ජී. චතුරංග)
මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී රටේ ජනතාවගේ සහයෝගය සමගි ජනබල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන්නයි ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියෝ පැවසූහ.
ධම්මරතන නා හිමියන් මේ බව කියා සිටියේ ජනාධිපති අපේක්ෂකවරුන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියට සජිත් ප්‍රේමදාස මහතාගේ එකඟතාවය පළවීමෙන් අනතුරුව එම එකඟතා ලිපිය පිරිනැමීම සඳහා පැමිණි දූත පිරිස සමග අදපැවති සාකච්ඡාවකදීය.
ඒ සඳහා වූ එකඟතා ලිපිය නායක හිමියන් වෙත පිරිනැමීම සමගි ජන බලවේගය බුද්ධි මණ්ඩපයේ සාමාජිකයන් වන මහාචාර්ය ගාමිණී රත්නත් ශ්‍රී හා මහාචාර්ය දුනේෂ් ගුණතිලක යන මහතුන් ඇතුළු දූත පිරිස විසින් සිදු කලහ.
ආනයන සහ අපනයන වෙළඳාම ඇති කරමින් පෘතුගීසින් පැමිණීමට පෙර යුගය නැවත ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම , උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරීම , ජාතින් අතර සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් සිංහල හා දමිළ භාෂාවන් සියලු ජනතාවටම ඉගැන්වීම , ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දුරයට පත්වීමට පෙර ආගමික සිද්ධස්ථාන සඳහා ලබා දී තිබූ සහනශීලි පිළිවෙත නැවත ඇති කිරීම , රාජ්‍ය පාලනය කිරීමේදී යෙන්ම ආගමික නායකයින්ගේ අනුශාසනා ලබා ගත යුතු වීම , ආදී වාසී ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීම , වර්තමානයේ පවතින විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීම හා පුරාවිද්‍යා පනත නැවත සංශෝධනය කර සාංඝික දේපළවල අයිතිය සම්බුද්ධ ශාසනයට පැවරීම යන යෝජනාවන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් විසින් ජනාධිපති අපේක්ෂකවරුන් වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලියන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ හාමුදුරුවෝ ඡන්දය ඉල්ලන අපේක්ෂකයෙක් නේද. ඉතින් දැන් මොකද මේ තමන් ඡන්දය දිනන්න බලන්නේ නැතුව අනුන්ව දිනවන්න හදන්නේ. ඡන්ද දායකයන්ව රැවටීමක් නේද මේ කරන්නේ
මෙයා වැරැදිලාවත් දිනුවොත් නැවත ප්‍රේමදාස කරපු විකාර නැවතත් කරන එක දැන්නම් සහතිකයි... මතකයි ආර්යාව ගෙනත් රඟපෑම්, මෙයත් එහෙමයි. ඕනෑවට වඩා ආගම කරපින්නාගෙන කරන නාඩගම්... මෙයත් යන්නේ එතැනටම තමයි...
අන්තිමට හැංගෙන්නම තමයි වෙන්නේ... දුකයි..!
අපි හිතුවා පොල් පැලේ කයි කියලා...
හොරාට කලින් කෙහෙල් කැන වැට පනින කොට අපි දන්නවා මෙයා හැරෙන්නේ කොහොටද කියලා
මේ සේයාරුවින් සබ්බ දුක්ඛ නිස්සරණය, අප්පිච්ඡ දිවිපවැත්ම වගේ ඒවා ප්‍රකට වේ.
හානා හීය පානා හඬ හැරෙන් දැනේ කියලා ගැමි වහරේ කියමනක් තියෙනවා.. ඒක මතක් වුණා මේ නිවුස් එක දැක්කාම. ඒත් අපි බැලුවා ධම්මරතන නාහිමියෝ මොකද මෙතරම් ප්‍රමාද කියලා.
හාමුදුරුවනේ අපිනම් සජිත්ට ඡන්දෙ දෙන්නෙ නැහැ.මොකද පොහොට්ටු කම්බ හොරු සේරම දැන් සජඛෙට අරගෙන.දැන් ගමේ ජනතාව කියන්නෙ සජඛෙයි පොහොට්ටුවයි දෙකම එකයි කියල.ඉතින් දැන් ගමේ ජනතාව සේරම ඡන්දෙ දෙන්න මාලිමාවට. අනේ හාමුදුරුවනේ දැන් සජඛෙයි පොහොට්ටුවයි දෙකම එකයි.