(අංජුල මහික වීරරත්න)
මිහින්තලේ විදුලි බිල නාටක පිටපත තව ටිකක් හොඳට බුද්ධිමත්ව සිතා ලිව්වා නම් රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන පවා ලබන්නට තිබූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
මිහින්තලේ ලයිට් කැපුවා යැයි හාමුදුරුවන් කියූ සැනින්ම නාට්ටියේ ඊළඟට සිදු වන්නේ සජිත් ප්‍රේමදාස නළුවා වහා ඉදිරියට පැන ලයිට් බිල ගෙවා දැමීමේ ජවනිකාව බව බුද්ධිමත් ප්‍රේක්ෂකයන්ට කලින්ම තේරුම් ගොස් තිබූ බවත් ප්‍රේක්ෂකයන් සිතූ පරිදිම සියල්ල සිදු වූ බවත් එජාප මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
හොඳ නාට්‍යයක ඊළඟ ජවනිකාව ගැන ප්‍රේක්ෂකයාට කුතුහලයක් තැබිය යුතු නමුත් "මිහින්තලේ ලයිට්" නාටකයේ දී සජිත් ප්‍රේමදාස නළුවා මෙන්ම සහාය නළුවා ද වෙනදා වගේම හොඳටම නාගත්තේ යැයි එජාප මහලේකම්වරයා කීය.
පන්සලේ ලයිට් බිල ගෙවන්නට කියා ටිකට් විකුණා සොයන මුදලට කළේ කුමක්දැයි වෙනම පරීක්ෂණයක් කරන ලෙස මිහින්තලේ පුදබිම වන්දනා කරන්නට රට වටින් එන අහිංසක දුප්පත් දායකයන් ඉල්ලීම් කර තිබෙන බවද එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. ලක්දිවට බුදු දහම රැගෙන මිහිඳු මාහිමියන් වැඩම කළ උතුම් මිහින්තලේ නාමය ජඩ දේශපාලන නාටක වලට යොදා ගන්නට එපා යැයි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින බවද එජාප මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට වොඩ්කා වතුර වෙච්චි පිටපත කොහොමෙයි..!
මිහින්තලේ පමණක් නෙවෙයි, සියලු සිද්ධස්ථානවල පින් කැට සීල් තබා මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතට පැවරුවා නම් ආදායම් සහ වියදම් ගැන හොඳ හොඳ කරුණු හෙළිවේවි.
හැබැයි අර කාලෙකට උඩදි ලිව්වා නේද නාට්‍යයක් වතුර බොතලේ වොඩ්කා දාගෙනද, වොඩ්කා බෝතලේ වතුර දාගෙනද කෙහෙද ගිය එකක්, ඒ නාට්‍යයට වඩා ටිකක් විතර මේක හොඳයි වගේ නේද..?
ඔය කොයි කවුරුත් නළුවෝ වගේම එළුවෝ බවත් මිනිස්සු දන්නවා...!
නාට්‍යය පටන් ගත්තේ අපි හරි බෞද්ධයි කියාගන්නා ආණ්ඩුවෙන් ලංකාවේ බුද්ධාගම ආරම්භ කරපු පුණ්‍ය භූමියේ ලයිට් කපලා...
අනේ මේ බණ්ඩයියේ ඔයා ඔය නොදන්නා කෙහෙම්මල් ගැන කතා කරන්න ගිහින් ඊළඟ ආත්මේ කොහොමටත් ඔයාට යන්න තියෙන අපායටත් එහා අවීචි මහා නරකාදියටම යන්න තමයි ඔය හදන්නේ ඔයාකාර පවු පුරෝගෙන...
මොවුන් ඡන්දයෙන් පැරදිලා නැට්ට පස්ස පැත්තේ ගහගෙන කාලයක් ඉඳලා දැන් පොරවල් වෙලා... !
අනේ ගොන් බන්ඩෝ ,හොදි යන්න පරාද වෙලා කෙලෝ ගෙන දැන් සජිත්ට බනිනවා .උඹලාගේ ආණ්ඩුවක් මේ යන්නේ .මොකද බැරි උනේ මිහින්තලා පුදබිමට ලයිට් දෙන්න ?උඹලා ඊගාව චන්දෙදිත් ගේ අස්සෙම තමයි .සජිත්ගේ මයිල් ගහක්වත් වටිනා එකෙක්ද මේ ?
හාමුදුරුවන්ට පාඩම් උගන්නන ගුරුවරයාගෙ කොටස රගපාපු නලුවාගෙ රගපෑම නං ඉතා දුර්වලයි. එයාව අලුත් චිත්‍රපටි වලට කවුරුවත් ගන්න එකක් නැහැ.
මෙයා පසුගිය මැතිවරණයෙන් මනාප ගත්ත ගැන මතක නැතුව වගේ පොර ටෝක් දෙන්නේ
මහින්ද හොරා ,ගෝටා හොරා ,මූ හොරා කියපු උන් දැන් බනින්නේ තමන්ගේ පැත්තේම හිටපු උන්ට .දැන් අර කලින් හොරු හරි හොඳයි
නතාලිගේ මගුල් ගෙදර ලයිට් බිල් එක ගැන කතා නෑනේ
තමුසෙලාගෙ නාට්‍ය පෙන්නන හැටි දන්නවා ඡන්දයක් තිබ්බම. අනුන්ගෙ ඇහේ තියෙන දේ බලන්න එපා. අර වොඩ්කා බෝතලේ වතුර බවට පත්වුන නාටකය තමුන්ට අමතකද? මිහින්තලේ නාටකයක් නෙවි. එජාපයේ එදා ඉඳන් තිබුන ප්‍රතිපත්තිය. ජාතිය ආගම විනාශ කිරීම.
මෙයාල හොරකම් කරපු ඒවායින් 0.1% ක් තියෙනවා නම් ලංකාවෙ ඔක්කොම පන්සල් වලට නොමිලේ විදුලය දෙන්න පුලුවන් .
මෙයා දෙන ගොන් ආතල් එකෙන්ම හිතාගන්න පුළුවන් UNP කුණු ලොරිය දිරපු තරම්... පවු අනේ...!