IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


මිහින්තලේ පුදබිම ඒකා ලෝක වේ

(උපුල් හේරත්)

ඓතිහාසික මිහින්තලා පුදබිම විදුලි ආලෝකයේ ඒකා ලෝව විය. පොසොන් පොහොය නිමිති කොට අද සිට දින පහක් පුරා මෙම අලෝක පූජව ඇතුළු පිංකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

විදුලි ආලෝක පූජව විවෘත කිරීම  සාමාන්‍ය ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි. එය සුවිශේෂී සිද්ධියකි. එදා මෙදා තුර සාමාන්‍ය ජනතාවගේ මූලිකත්වයෙන් විදුලි ආලෝක පූජාව විවෘත නොකිරිණි. 

මෙම අවස්ථාවට දෙස් විදෙස් බෞද්ධ පිරිස එක්ව සිටියහ. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් අනුරුද්ධ නායක බණ්ඩාර, තායිවාන තානාපති , බංග්ලාදේශයේ බෞද්ධ ජනතාව ,මෙන්ම  , සිරස මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සුසාර දිනාල් ඇතුළු විශාල පිරිසක් මීට එක්ව සිටියහ .

ඓතිහාසිකව මිහින්තලා පරිශ්‍රයේ උඩ මළුවේ සිට කරඬුව පෙරහරකින් වඩම්මවාගෙන මැද මළුවේ සන්නිපාත ශාලාව ඉදිරිපිට මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිරුව ඉදිරිපිට තැන්පත් කර ,මල් පහන් පූජා කිරීමෙන් අනතුරුව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති වලවා හැංගුන වැවේ ධම්මරතන හිමියන්  ලංකාවාසී ලෝකවාසී ජනතාවට ආශිර්වාද කළහ.



අදහස් (5)

මිහින්තලේ පුදබිම ඒකා ලෝක වේ

LGP. JATHUNARACHCHI. Saturday, 03 June 2023 06:58 AM

විදේශිකයන්ගේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ අහිංසක බෞද්ධයන්ගේ සහභාගීත්වය වඩා හොඳය. සහ අප විසින් ඉතා අගය කරන ලදී.

:       1       11

Samitha S. Aluthgamage Sunday, 04 June 2023 08:06 AM

මිහිඳු හිමියන් ලංකාවට බුදුදහම ගෙනා ස්ථානය ගැන මීට වඩා වැඩි සැලකිල්ලක් දක්වා රැකගැනීම සියලු දේශපාලකයින්ගේ වගකීමක්. දේශපාලනයට කඩේ නොගිය නිසා මිහින්තලේ ගැන එතරම් හොඳ ප්‍රතිචාරයක් නොලැබුණු බව පෙනී යනවා. කොයි දේශපාලකයත් දඟලන්නේ තමන්ගේ ඡන්ද පදනම ස්ථාවර කරගැනීම සඳහා යි. එසේ නැතිනම්, මිහින්තලේ ගැන මීට වඩා අවධානයක් යොමුකළ යුතුව තිබුණා. මේ රටේ ජනතාව තමන්ගේ දේශපාලන පක්ෂ කුමක් වුවත්, ආගමික නිදහස ඊට ඉහළින් තබාගත යුතුයි. නිදහස් උත්සව, යුද ජයග්‍රහණ සැමරීම්, දේශපාලනයට කඩේ යන පූජකයින් හා සම්බන්ධ උත්සව ආදියට ඕනෑතරම් පහසුකම් හා මුදල් තිබියදී මිහින්තලේට පමණක් සීමා පැනෙව්වා. බොහෝ මාධ්‍ය ඉවත බැලුවත් හාමුදුරුවන් වටා ඇති තරම් සැදැහැතියන් පෙළ ගැසුණා. වැඩේ ලස්සනට කෙරුණා.

:       6       20

ChandikaTuesday, 06 June 2023 02:47 PM

දේශපාලකයන් නැතිව අපේ හාමුදුරුවෝ කරපු දේ ඉතාමත්ම වටිනවා .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා .නිරෝගී සම්පත්තිය ලැබේවා

:       1       11

Lalla Monday, 05 June 2023 09:05 AM

මිහිඳු හිමි ආලෝක පූජාව කරන්න කිව්වද? හොඳමයි එහෙනම්..

:       17       5

Shashika Wednesday, 21 June 2023 01:51 PM

හරිම පින්වන්තයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තරුණයා දැරියකගේ දිවි බේරයි
2024 මැයි මස 18 275 0

කලවාන කුකුළේ ගංගාවට පැන්නේ යැයි කියන දැරියක් එම ප්‍රදේශයේ තරුණයකු ගඟට පැන දිවි බේර ගෙන ඇති බව කලවාන පොලිසිය පැවසීය .


’යුද්ධයෙන් පීඩා විඳි සියල්ලනට එංගලන්තයේ සහාය’- කැමරන්
2024 මැයි මස 18 405 0

ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වී වසර 15ක් ගෙවී ඇතත් එම ගැටුම් වලින් මියගිය සහ අතුරුදහන්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් අදටත් තම ආදරණීයයන්ට සිදුව


ඇල්ල- වැල්ලවාය පාර අදත් වහයි
2024 මැයි මස 18 137 0

ඇල්ල වැල්ලවාය මාර්ගයට කරදගොල්ල මලිතගොල්ල ප්‍රදේශයේදී මාර්ගයට රොම්මඩ සහිත ජලය ගලා ඒම තවදුරටත් පවතින බැවින් අද (18) රාත්‍රි 8.00 සිට හෙට උදෑසන 6.00 දක්වා මාර්


ට්‍රාන්ස්ෆෝමරයක් අසල නාඳුනන සිරුරක
2024 මැයි මස 18 841 1

ගම්පහ ,ඉහළ යාගොඩ ප්‍රදේශයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක් අසල වැටී සිටි නාදුනන පුද්ගලයකුගේ මළ සිරුරක් පොලීසිය සොයාගෙන ඇත.


පැවැත්වෙන මැතිවරණය ගැන උදයංග කියයි
2024 මැයි මස 18 2287 9

ස්ථීරයෙන්ම එන්නේ ජනාධිපතිවරණය නොව මහ මැතිවරණය බවත් ලබන 14 හෝ 15 පාර්ලිමේන්තුව අනිවාර්යයෙන්ම විසුරුවන බවත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරත


ආර්ථික පරිවර්තන පනත ගැසට්ටුව නිකුත් වෙයි
2024 මැයි මස 18 357 0

ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය නිකුත් කෙරිණ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 787 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2337 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2002 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site