
(මනෝප්‍රිය ගුණසේකර)
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ 2025 වර්ෂය සඳහා නව නිලධාරී මඩුල්ලක් මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගන්නා ලදී.
මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ හිටපු සභාපති එම්. ඉලන්චේලියන් මහතාගේ සහ එහි හිටපු ලේකම් නලින්ද හේවාවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වු මහසභා රැස්වීමේදී 2025 වර්ෂය සඳහා එලෙස නව නිලධාරී මඩුල්ලක් පත් කර ගන්නා ලදී.
එලෙස පත් කර ගන්නා ලද නව නිලධාරී මඩුල්ල මෙසේය.
සභාපති මංජුල තිලකරත්න (කොළඹ මහාධිකරණ විනිසුරු), උප සභාපති ජගත් කහඳගමගේ (කොළඹ මහාධිකරණ විනිසුරු), ලේකම් පමිල රත්නායක (කොළඹ මහාධිකරණ විනිසුරු), උප ලේකම් ලක්මාලි හේවාවසම් (අනුරාධපුර මහාධිකරණ විනිසුරු), භාන්ඩාගාරික නිරෝෂා ප්‍රනාන්දු (ක`ථතර මහාධිකරණ විනිසුරු), සංස්කාරක දර්ශිකා විමලසිරි (මහනුවර මහාධිකරණ විනිසුරු).
සංගමයේ කටයුතු පහසු කර ගැනීම සඳහා පත් කර ගන්නා ලද සාමාජිකයින් දස දෙනෙකුගෙන් සමන්විත විධායක කමිටුව මෙසේය.
නාමල් බලල්ල (කොළඹ මහාධිකරණ විනිසුරු), එස්. සපුවිද (කොළඹ මහාධිකරණ විනිසුරු), මොහොමඩ් අබ්දුල්ලා (ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු), මොහොමඩ් සහබ්දීන් (යාපනය මහාධිකරණ විනිසුරු), ඉන්ද්‍රිකා කාලින්ගවංශ (කුරුණෑගල මහාධිකරණ විනිසුරු), උපුල් රාජකරුණා (කෑගල්ල මහාධිකරණ විනිසුරු), නලින්ද හේවාවසම් (අනුරාධපුර මහාධිකරණ විනිසුරු), ඒ.ජී. ඇලෙක්ස්රාජා (කිලිනොච්චි මහාධිකරණ විනිසුරු) ශ්‍රීනීත් විජේසේකර (අම්පාර මහාධිකරණ විනිසුරු) සහ චතුර ගුණතිලක (අම්පාර මහාධිකරණ විනිසුරු),
2025 දෙසැම්බර් මස 18
623
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහාධිකරණ විනිසුරු මඩුල්ලට අලුත් නිලධාරීන්
don Monday, 02 December 2024 05:17 PM
මට පොඩ්ඩක් පැහැදිලි නැහැ. මේ කට්ටිය පත්වෙලා ඉන්නේ මහාධිකරණ විනිසුරු මණ්ඩලයටද? නැතිනම් ඒ අයගේ සංගමයේ තනතුරු සඳහාද?
PereraMonday, 02 December 2024 11:06 PM
ඒ අයගේ සංගමයේ තනතුරුවලට