IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගනී

(ඉන්දිකා රාමනායක)

හිටපු  රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  සමඟ දුරකතනයෙන්   සංවාදයේ යෙදුනු බව කියන  සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඇඹිලිපිටිය මහධිකාරණ විනිසුරු  ගිහාන් පිලපිටිය මහතාගෙන් අද  (19) පැය තුනකට  අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තේය.

රන්ජන් රාමනායක මහතා  සමඟ දුරකතනයෙන් සංවාදයේ යෙදුන  බව කියන දැනට සේවයෙන් යෙදී සිටින   විනිසුරුවරුන්ගෙන්  වහාම ප්‍රකාශ  සටහන්  කරගන්නා ලෙසට    නීතිපති    දප්පුලද ලිවේරා මහතා  කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්වරයාට  කර තිබූ  නියෝගයකට අනුව  කොළඹ අපරාධ කොට්ඨාසය විසින්  මෙම ප්‍රකාශ ලබාගෙන තිබුණි.

අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමකට අනුව මහධිකරණ විනිසුරු  ගිහාන්  පිලපිටිය මහතා අද  පෙරවරු 10.00 ට පමණ එහි පෙනී සිටි අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 1.00  දක්වා පැවැත්විණි.

රන්ජන් රාමනායක මහතා  සංවාදයේ යෙදුන බව කියන  විශ්‍රාමික මහධිකරණ විනිසුරු පද්මිණි එන් රණවක හා  දැනට වැඩතහනමට ලක්ව සිටින   බද්දේගම  මහෙස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන්ගෙන්  ඉදිරියේ  දී  සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිතව ඇත.

එම පැමිණිල්ල විභාගය ද කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ ආකාරයේ පැමිණිල්ලක්  ගිහාන් පිලපිටිය මහතා 2015 වසරේ දී  අධිකරණය සේවා කොමිසම වෙත යොමුකර ඇති අතර  එය එවකට සිටි  පොලිස්පති  එන්.කේ ඉලංගකෝන් මහතා වෙත යොමුකර තිබුණ ද එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිඳු  පියවරක් ගෙන නොතිබුණ බවද  මහධිකරණ විනිසුරු  ගිහාන් පිලපිටිය මහතා  දෙවන වරට සිදුකළ පැමිණිල්ලේ සඳහන් වන බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

 

 

 

 

  



අදහස් (3)

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගනී

ඒකනායක Monday, 20 January 2020 12:46 AM

රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතනයෙන් සංවාදයේ යෙදුන බව කියන දැනට සේවයෙ යෙදී සිටින විනිසුරුවරුන් රන්ජන් රාමනායක විසින් හෝ වෙනත් රජයේ ඇමතිවරු ඔවුනට යම් පෙලබවීමක් විමසීමක් කලේනම් එම විනිසුරුවරුන් හිටපු අගමැතිවරයාට හෝ ජනාධිපතිවරයාට හෝ අගවිනිසුරුවරයාට නොදන්වා සිටියේ මන්ද ? සහ අධිකරණය ස්වාධින ආයතනයක් බැවින් කිසිවකු හෝ කිසිවක් පිළිබද කිසිවකුට හෙළිකිරීමට විනිසුරුවරුන්හට නොහැකිබව රන්ජන් රාමනායකට නොකිවේ මන්ද ? වරද කර ඇත්තේ යමක් පිළිබද විමසීමද ? විමසූ පුද්ගලයාද ? නොඑසේනම් විමසන පුද්ගලයාට තොරතුරු හෙලිකිරීමද ? හෙලිකල පුද්ගලයන්ද ?

:       239       192

samanMonday, 20 January 2020 04:36 AM

මේ ආකාරයේ පැමිණිල්ලක් ගිහාන් පිලපිටිය මහතා 2015 වසරේ දී අධිකරණය සේවා කොමිසම වෙත යොමුකර ඇති අතර එය එවකට සිටි පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා වෙත යොමුකර තිබුණද එම පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිඳු පියවරක් ගෙන නොතිබුණ බවද කියවේ.

:       0       91

ssMonday, 20 January 2020 09:11 AM

තොරතුරු ඉල්ලපු කෙනත් වැරදියි දීපු කෙනත් වැරදියි. මරණ තර්ජන තිබ්බයි කියලා වෙන පුද්ගලයෙකුට අසාධාරණයක් වෙන පරිදි නඩු වාර්තා හා තොරතුරු තමන්ගේ ජිවිතේ බේරාගන්න කියලා ඇඟ බේරාගන්න බැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 384 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2168 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1648 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site