(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ විවිධ අවස්ථාවන්හිදී ගිලී මුහුදුබත් වූ නෞකා 47 න් කෞතුක වටිනා කමක් නොමැති නෞකා ගොඩගෙන අබිලි ලෙස අළෙවි කර රජයට මුදල් ලබාගැනීමට කටයුතු කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එම නෞකාවන් උපයෝගී කර ගනිමින් දේශීය ආර්ථිකයට උපරිම අදායමක් උපයා ගැනීමටත්, අවශ්‍ය නම් සංරක්ෂණ කිරීමටත් කටයුතු කරන බව කී අමාත්‍යවරයා මුහුදු බත්වී තිබෙන නෞකා නැරඹීමට උනන්දුවක් දක්වන දෙස් විදෙස් සංචාරකයින්ට කිමිදි ඒවා ඡායාරූප ගැනීමට සහ ගවේෂණයට අවස්ථාව දියහැකි බව ද සඳහන් කළේය.
සංචාරක අමාත්‍යංශය, නාවික හමුදාව සහ පෞදගලික අංශයේ සංචාරක සමාගම් එක්ව එම නෞකා යොදාගෙන ආදායම් ඉපයීමට වැඩසටහනක් සකස් කරන බවත් කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායවල නවතා ඇති නෞකා 6 ක් වරාය කටයුතුවලට බධා පමුණුවමින් වසර 6 ක පමණ කාලයක් නැංගුරම් ලා ඇති බවත් අමාත්‍යවරයා කීය.
මෙම නැව් 6 සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනමින් අවසන් කර වරාය අධිකාරියට අයවියයුතු විශාල මුදල් ප්‍රමාණය අයකරගත යුතු බවත් ගිලුනු නැවක් පිළිබදව සමුද්‍රී නිතීයට අනුව වසරක කාලයක් ඇතුළත අයිතිවාසිකම් ඉදිරිපත්කර නොමැති නම් එම නැවේ හිමිකාරිත්වය සමුද්‍රිය තීරය අයිතිය රජයට ලැබෙන බවත් එම නෞකා ඉවත් කිරීම හා කැබලි වශයෙන් විකිණිමට නීතිමය බාධාවක් නොමැති බවත් හෙතෙම පැවසීය.
වරාය අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැති රැස්වීමකදී අමාත්‍යවරයා එසේ පැවසීය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදුබත් වූ නෞකා 47 ක් ශ්‍රී ලංකා හුමුදු සීමාවේ
chandima Thursday, 02 February 2023 11:26 PM
එව්වත් විකුණලා මොවුන් දවසක් හරි වැඩිපුර බුරියානි කන්න වගේ යන්නේ..?
sisira Friday, 03 February 2023 05:04 AM
මෙයත් මුහුදුබත් වෙච්චි අබලන් නෞකාවක් තමයි...
pakeer Friday, 03 February 2023 10:24 AM
මේවා ගොඩගන්න අපට තාක්ෂණය නැහැ... නිකන් සල්ලි කන්නේ නැතිව ඉඳපල්ලා...
නිමල්සරා Saturday, 04 February 2023 12:42 AM
අපිට නැතිහින්ද තමයි මේ උනන්දු වෙන්නේ. තාක්ෂනය තියෙන රටක කොම්පැනියකට දීල කොමිෂන් එකත් ගත්තත් ඒකත් රටට ආදයමක්නේ. මේ රට වැටිලා තියෙන වෙලාවේ ඒකත් ලොකු දෙයක්නේ. නිකන් දිරලා යන එකේ. ජපන් කාරයෝ එච්චර හොඳ නෑ කේලම් කියනවා.