(යොහාන් භාසුර)

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ රාත්‍රියේ දුම්රියක් පීලිපැනීම හේතුවෙන් එම මාර්ගය අවහිර වීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය රැසක් අද පෙරවරුවේ අවලංගු කිරීමෙන් මගේ ජනතාව දැඩි අපහසුතාවට පත් වූහ.

බේරේ පාලම මත දී පිලී පැනීමකට ලක් වීමෙන් මුහුදුබඩ මාර්ගයේ මාර්ග දෙකම අවහිර වී දුම්රිය ගමනාගමනයට බාධා මතු වූ අතර මේ වන විට එක් මාර්ගයක දුම්රිය ධාවනය කරයි.

අනෙක් මාර්ගයේ තවම මැදිරි පිලීගත කරමින් සිටින අතර කොළඹ දෙසට පැමිණෙන දුම්රිය ඇතුලත් කිරීමේ කටයුතු සිදුවූවද, කොළඹ සිට මුහුදුබඩ මාර්ගය ගමන් කරන දුම්රිය ධාවනය නොවේ.