(යොහාන් භාසුර)
කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වූ දුම්රිය ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (18) පස්වරුවේ පැවසීය.
එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ හෙට (19) පෙරවරුවේ සිට දුම්රිය ධාවනය කරන බවත් අනිද්දා (20) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවත්ය.
එම අනතුර හේතුවෙන් දුම්රියට සහ දුම්රිය මාර්ගයට හානි සිදුවී තිබූ අතර එය යථා තත්වයට පත්කිරීමට දින තුනක් ගතවිය.
කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය පසුගිය 15 වැනිදා රාත්‍රී පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට ද සිදුවිය.
ඡායා ශාන්ත රත්නායක
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කරයි
D P P Prasad Sunday, 18 September 2022 10:45 PM
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බොහො අවස්ථාවලදී දිරාගිය දැවමය සිල්පර වෙනුවට කොන්ක්‍රීට් සිල්පර යෙදීමට දුම්රිය බලධාරීහු කටයුතු කරනු ලැබීය. එහෙත් මැදිරි විශාල ප්‍ර්‍රමාණයක් සහිතව දුම්රිය ධාවනය කිරිමේදී ඉන් ඇතිවන කම්පනය දරාගැනීමට දැවමය සිල්පරවලට ඇති හැකියාව වැඩිබවත් ඊට සාපේක්ෂව කොන්ක්‍රීට් සිල්පරවලට ඇති හැකියාව අඩුබවත් බොහෝ විද්වතුන්ගේ මතය වේ. ඒ නිසා මෙවැනි දුම්රිය පිළිපැනිම්වල වැඩිවීමක් දක්නට ලැබේ. මේ සම්බන්ධව බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.
janahitha Monday, 19 September 2022 08:59 AM
යකඩ හුචක්කු පීලි පැන්නාට පස්සේ යථා තත්වයට ගන්නවලු. මේවා වළක්වන්න බැරි මෙම ආයතන පරිපාලනය සමාගමකට පැවරිය යුතුය. ඇමැතිලා වෙනත් කටයුත්තක් පැවරිය යුතුය.