(යොහාන් භාසුර)

කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයේදී පීලිපැනීමට ලක්වූ දුම්රිය ඉවත්කර දුම්රිය මාර්ගය යථා තත්වයට පත්කළ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු අද (18) පස්වරුවේ පැවසීය.

එම නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ හෙට (19) පෙරවරුවේ සිට දුම්රිය ධාවනය කරන බවත් අනිද්දා (20) සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කිරීමට පියවර ගන්නා බවත්ය.

එම අනතුර හේතුවෙන් දුම්රියට සහ දුම්රිය මාර්ගයට හානි සිදුවී තිබූ අතර එය යථා තත්වයට පත්කිරීමට දින තුනක් ගතවිය.

කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වූ දුම්රිය පසුගිය 15 වැනිදා රාත්‍රී පීලිපැනීම හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වූ අතර දුම්රිය රැසක් අවලංගු කිරීමට ද සිදුවිය.

ඡායා ශාන්ත රත්නායක