
(නිමල කොඩිතුවක්කු)
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කාල සටහනේ වෙනස් කම් කිහිපයක් අද (1) සිට සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය පෙරවරු 05.25ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සිට ගමන් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසිය.
එමෙන්ම සතියේ දිනවල පමණක් ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමි දුම්රිය මගී ජනයාගේ පහසුව සඳහා සෙනසුරාදා දිනයද ධාවනය කිරීමට පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.
සතියේ දිනයන්හී රාත්‍රී 08.35ට මරදාන සිට දකුණු පයාගල දක්වා ධාවනය වන දුම්රිය ගමනාන්තය අලුත්ගම දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි සාගරිකා බෙලිඅත්තේ ඉදන් එන්නේ. මාතර, අකුරැස්ස ජනතාවට කොළඹ දක්වා හිටගෙන එන්න පුලුවන් දැන්.