
( සිතුම් චතුරංග සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දින කිහිපයකට ඉහතදී දියේ ගිලී මියගොස් වවුනියාව නෙලුක්කුලම , රාසෙන්ද්‍රකුලම් සුසාන භූමියේ මිහිදන් කර තිබූ අවුරුදු දෙකක දැරියකගේ සිරුර එම ස්ථානයෙන් අතුරුදහන් වී ඇති බවට පොලිසියට ලැබුණ පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කළ බව නෙලුක්කුලම පොලිසිය කියයි.
මෙම දැරිය පසුගිය 25 වැනිදා ජලටැංකියකට වැටී මියගොස් සිටි අතර පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව සිරුර රාසේන්ද්‍රකුලම් සුසාන භූමියේ මිහිදන් කර තිබියදී මෙසේ අතුරුදහන්ව ඇති බවට දැරියගේ පියා සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බවත් පොලිසිය පැවසීය.
මෘතශරීරය අතුරුදහන්ව ඇත්තේ වවුනියාව , පම්පමඩුව ලිපිනයේ පදිංචි ලිංගරාජ් දීපිකා නැමති වයස අවුරුදු දෙකක කුඩා දැරියකගේය.
පොලිසිය අදාල ස්ථානය පරීක්ෂා කිරීමේදී උදැල්ලකින් සිරුර මිහිදන් කරතිබූ ස්ථානය හාරා මෘතශරීරය පමණක් රැගෙන ඇති අතර මිනීපෙට්ටිය පමණක් එහි තිබූ බවත් පොලිසිය පැවසීය. වවුනියාව නෙලුක්කුලම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ හොරුන්ගෙන් මිණියක් වත් බේරා ගන්න බැහැ .
සිරුර ඉහළ පෙළේ හූනියමක් කරන්න අරන් ගියාද දන්නේ නැහැ.
විකෘති මානසික රෝගියෙකුගේ වැඩක් වත්ද?
ප්‍රභල දේශපාලකයකුගෙ හුනියම් වැඩකට ගෙනියන්න ඇති.
අලුත මියගිය දරුවන්ගේ සිරුරු පිල්ලි යනුවෙන් හඳුන්වන භයානක ඝනයේ මන්ත්‍ර කටයුතු සඳහා ගන්නවා කියලා කියවලා තියෙනවා. ඒවායේ ඇත්ත නැත්ත දන්නේ නම් නෑ.