IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුහුදට වැටී ධීවරයා අතුරුදන්

( සුමිත් පොතුපිටිය) 

මසුන් මැරීම සදහා බහුදින ධීවර යාත්‍රාවකින්  මුහුදු ගිය ධීවරයෙකු මුහුදට වැටී  අතුරුදන්ව ඇති බවට අද ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව බේරුවල පොලිසිය පවසයි.

බලපිටිය, අම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි රසික ඩිලාන් නමැති ධීවරයෙකු මෙසේ මුහුදට වැටී ඇති බව සදහන් වේ.

ධීවර යාත්‍රාවේ ක්‍රියාකරු එහි හිමිකරුට දැනුම් දී ඇති බවත් ඥාතීන්ට දැනුම් දීමෙන් පසු බේරුවල පොලිසියට පැමිණිලි කර ඇති බවත් සදහන් වේ.

හරිනි දුව 2 නමැති බහුදින යාත්‍රාවෙන් ඊයේ (25) රාත්‍රී 7.55  ට පමණ  බේරුවල ධීවර වරායෙන් ධීවරයින් හය දෙනකු මුහුදු ගොස් ඇත.

බහු දින යාත්‍රාවේ රැඳී සිටි යාත්‍රා ක්‍රියාකරු ඇතුළු  අනෙක් ධීවරයින් පස්දෙනා ගැඹුරු මුහුදේ සොයා බලා ඇති නමුත් හමුව නොමැති බවද සඳහන්වේ.



අදහස් (0)

මුහුදට වැටී ධීවරයා අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site