(අංජුල මහික වීරරත්න)
වාරකන් කාලය නිමවූ පසුව ලබන වසරේදී මුහුදු වැලි විකිණීම සඳහා වැලි කැණීම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුහුදු වැලි විකිණීමට හැකි ආකාරයේ වැඩපිළිවෙලක් සකසමින් සිටින බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.
ඒ අනුව මුතුරාජවෙල වෙරලේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 – 15ත් අතර දුරකින් වූ මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි මීටර් කියුබ් මිලියන දෙකක් පමණ පොම්පකිරීමට නියමිතව ඇත.
මුහුදේ සිට නල මගින් පොම්ප කළ වැලි ගොඩබිම අදාල ස්ථානයට ගෙන ඒම, වැලි කඳු ලෙස විවෘත එළිමහනේ ගබඩා කිරීම, වැලි යන්ත්‍රයට ඇතුල් කිරීම, සේදීම, පිරිසිදු කිරිම, තේරීම සහ වේලීම යන අංශවලට යොමු කෙරෙනු ඇත.
එලෙස සෝදා පිරිසිදුකර වියලා හලා ගන්නා ලවණ රහිත මුහුදු වැලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ SLS1397:2010 ප්‍රමිතියට අනූකූලව සකස් කරනු ලබන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසයි. අනතුරුව එම මුහුදු වැලි කෙරවළපිටිය- මුතුරාජවෙල වැලි විකුණුම් මධ්‍යස්ථානයෙන් අලෙවි කිරීමට නියමිතය.
ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු මුහුදු වැලි කියුබ් එකක් මහජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දී ඇත.
මුහුදු වැලි ලබා ගැනීමට පෙර වෙරළ සංරක්ෂණ අධිකාරිය, නාරා ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ඒ සම්බන්දයෙන් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගැනීමටද නියමිතය.
මේවනවිට වාරකන් කාලය බැවින් මේ සම්බන්දයෙන් වන නිරීක්ෂණ කටයුතු නතර කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුහුදු පතුල කැණීමෙන් සහ වැලි ගොඩදැමීමෙන් මුහුදුබඩ ගම්පළාත් මුහුදටම බිහිවෙමින් ගිලාබසින බව කරුණාවෙන් සලකන්න...
ගනේගොඩ දන්න කෙහෙල්මලක් නැහැ. මේ වැලි ගෙන එන්නේ කිලෝමීටර් 10-15 ඈත මුහුදෙන්. රට ඇතුළෙ ගංගා, කුඹුරුවල වැලි හෑරුවාම මහ විනාශයක් වෙනවා.