(අංජුල මහික වීරරත්න)
වාරකන් කාලය නිමවූ පසුව ලබන වසරේදී මුහුදු වැලි විකිණීම සඳහා වැලි කැණීම් කටයුතු ආරම්භ කරන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මුතුරාජවෙල වැලි අංගනයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයට මුහුදු වැලි විකිණීමට හැකි ආකාරයේ වැඩපිළිවෙලක් සකසමින් සිටින බව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව පවසයි.
ඒ අනුව මුතුරාජවෙල වෙරලේ සිට මීගමුව දක්වා වූ මුහුදු තීරයේ කිලෝමීටර 10 – 15ත් අතර දුරකින් වූ මුහුදේ සිට ගොඩබිමට මුහුදු වැලි මීටර් කියුබ් මිලියන දෙකක් පමණ පොම්පකිරීමට නියමිතව ඇත.
මුහුදේ සිට නල මගින් පොම්ප කළ වැලි ගොඩබිම අදාල ස්ථානයට ගෙන ඒම, වැලි කඳු ලෙස විවෘත එළිමහනේ ගබඩා කිරීම, වැලි යන්ත්‍රයට ඇතුල් කිරීම, සේදීම, පිරිසිදු කිරිම, තේරීම සහ වේලීම යන අංශවලට යොමු කෙරෙනු ඇත.
එලෙස සෝදා පිරිසිදුකර වියලා හලා ගන්නා ලවණ රහිත මුහුදු වැලි ඉංජිනේරුවන්ගේ අධීක්ෂණය මත ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ SLS1397:2010 ප්‍රමිතියට අනූකූලව සකස් කරනු ලබන බව ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසයි. අනතුරුව එම මුහුදු වැලි කෙරවළපිටිය- මුතුරාජවෙල වැලි විකුණුම් මධ්‍යස්ථානයෙන් අලෙවි කිරීමට නියමිතය.
ඉතා ඉහල ප්‍රමිතියෙන් යුතු මුහුදු වැලි කියුබ් එකක් මහජනතාවට දැරිය හැකි මිලකට අලෙවි කරන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දී ඇත.
මුහුදු වැලි ලබා ගැනීමට පෙර වෙරළ සංරක්ෂණ අධිකාරිය, නාරා ආයතනය සහ මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ඒ සම්බන්දයෙන් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගැනීමටද නියමිතය.
මේවනවිට වාරකන් කාලය බැවින් මේ සම්බන්දයෙන් වන නිරීක්ෂණ කටයුතු නතර කර ඇත.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මුහුදු වැලි විකුණන්න යයි
ganegoda Sunday, 23 October 2022 07:28 PM
මුහුදු පතුල කැණීමෙන් සහ වැලි ගොඩදැමීමෙන් මුහුදුබඩ ගම්පළාත් මුහුදටම බිහිවෙමින් ගිලාබසින බව කරුණාවෙන් සලකන්න...
De silva Sunday, 23 October 2022 11:06 PM
ගනේගොඩ දන්න කෙහෙල්මලක් නැහැ. මේ වැලි ගෙන එන්නේ කිලෝමීටර් 10-15 ඈත මුහුදෙන්. රට ඇතුළෙ ගංගා, කුඹුරුවල වැලි හෑරුවාම මහ විනාශයක් වෙනවා.
tikira Monday, 24 October 2022 10:03 AM
මුහුද ගැඹුරු වෙන්න වෙන්න මුහුදුබඩ ගම්පළාත් මුහුදටම ගිලෙනවා. ඒක ස්වභාවික සිදුවීමක්.