(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොතුවිල් ඇති මුණේ කැලෑබද ප්‍රදේශයේ පිහිටි ගල් ලෙනක භාවනා කරමින් සිටි පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන හිමිනමකට හ්බලකින් පහර දී රුපියල් 57,000 මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැරගත් බව කියන පුද්ගලයින් අට දෙදෙනෙකු පොතුවිල් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අටදෙනාම පොතුවිල් ප්‍රදේශයේ පදිංචි ධීවර රැකියාවේ නිරත වන අය බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම සැකකරුවන් අවුරුදු 34, 40 ,39, 34, 38, 43 ,සහ 56 හැවිරිදි වියේ පසු වන අය වෙති.
පොතුවිල් මුහුදු මහා විහාරයේ වැඩ වාසය කරන මෙම හිමියන් ගල්ලෙනේ භාවනානු යෝගීව සිටියදී පුද්ගලයින් කණ්ඩායමක් එම ගල්ලෙනට කඩාවැදී කබලකින් පහරදුන් අවස්ථාවේ ජීවිතය බේරා ගැනීම සඳහා එම හිමියන් දිවගොස් කොහොඹ ගසකට මුවා වී සැඟවසිට ඇතැයි පොලිසිය කියයි.
මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයෙකු පැමිණි අවස්ථාවේ ඔවුන්ට ද මෙම සිද්ධිය දැනුම් දී එම හිමියන් විසින් මේ බව පොලිසියට පැමිණිලි කර ඇත.
පැහැර ගත්තේ යැයි කියන ඡංගම දුරකථනය ගල් ලෙන ආසන්නයේ තිබී පොලිසිය විසින් පසුව සොයා ගනු ලැබීය.
ගල්ලෙන තුළ තිබූ රුපියල් පනස් හත් දහසක මුදලක් දපහර දුන් පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස් ඇති බව එම හිමියන් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි කියති.
භාවනානු යෝගීව වැඩ වාසය කරන එම හිමියන් කළ පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම සැකකරුවන් අටදෙනාඅත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදු මහා විහාරයේ හිමිනමකට පහරදුන් සිද්ධියට 8 ක් අල්ලයි
Lalla Wednesday, 02 August 2023 09:10 AM
57000 ක ජංගම දුරකථනය රැගෙන නිවනට කෙටිම පාර හොයනව වගේ. බුදුදහමේ මූලික අරමුණක් සියල්ල අතහැර දැමීම.මේ කියන චීවරධාරියා නැතිවූ දුරකථනය නැවත බදාගන්න උත්සාහ කරනව?
මැක්ස්Wednesday, 02 August 2023 01:17 PM
හාමුදුරුවන්ගේ ජංගම දුරකතනෙයි, මුදලයි ගැන උනන්දු වෙන අතරේ බුදු දහමේ මූලික අරමුණු ගැන නන් දොඩවන උපාසක පන්සිල් පද පහෙන් මොන එකද ආරක්ෂා කරන්නේ?
දිමුත් Wednesday, 02 August 2023 10:57 AM
ඔන්න බෞද්ධ රටේ අද තත්වය..!
ලුම්බිණි Wednesday, 02 August 2023 11:57 AM
අගක් මුලක් නැති ව්‍යාකුල කතාවක්.