
(ඉන්දිකා රාමනායක)
මුහුදු මගින් ප්‍රවාහනය කරමින් තිබූ කිලෝග්‍රෑම් 5 1/2 කට අධික රත්‍රං සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදාව කියයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (28) උතුරු මුහුදේ සිදු කල විශේෂ සෝදිසි මෙහෙයුමකදී පාර්සල් 04ක ආරක්‍ෂිතව අසුරන ලද රත්‍රං කිලෝ 5 1/2 ක් සමග මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
උතුරු මුහුදේ කරෙයිනගර් දූපතේ කෝවිලන් ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 14.5ක් දූර මුහුදු ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව නාවික හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd