(සිතුම් චතුරංග)
යාපනය , ඉලවාලෙයි සෙන්දන්කුලම මුහුදේ දිය නෑමට ගිය තිදෙනකුගෙන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතිඅතර තවත් අයකු ගිලී අතුරුදන්ව ඇතැයි ඉලවාලෙයි පොලිසිය කියයි.
අරියකුලම් හි ලැඟුම් හලක් පවත්වාගෙන ගිය හිමිකරු සහ එහි සේවය කළ දෙදෙනකු ඊයේ මුහුදේ දියනාමින් විනෝද වී ඇති අතර එහිදී එකවර දියවැලකට හසුව තිදෙනා මුහුද ගැඹුරට ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බව පොලිසිය පැවසීය.
එලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ යාපනය පදිංචි දේවකරුණාදාස් ජූඩ්(37) සහ වවුනියාව, සෙට්ටිකුලම් පදිංචි සිවනේසන් දිව්‍යන් (21) හැවිරිදි තරුණයකු වේ.
මුහුදේ ගිලුණු තිදෙනාගේ සිරුරු සොයා ධීවරයින් හා පොලිසිය මුහුදු ප්‍රදේශය පරීක්ෂා කොට ඇති අතර එහිදි දෙදෙනකුගේ සිරුරු හමුවූ බව පොලිසිය පැවසීය.
අතුරුදහන්වූ අනෙක් පුද්ගලයාගේ සිරුරු සොයා නාවික හමුදාව හා පොලිසිය විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
343
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදේ නාන්න ගිය ලැඟුම්හල්හිමියා -සේවකයා මරුට:අයෙක් අතුරුදන්