(සිතුම් චතුරංග)
යාපනය , ඉලවාලෙයි සෙන්දන්කුලම මුහුදේ දිය නෑමට ගිය තිදෙනකුගෙන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතිඅතර තවත් අයකු ගිලී අතුරුදන්ව ඇතැයි ඉලවාලෙයි පොලිසිය කියයි.
අරියකුලම් හි ලැඟුම් හලක් පවත්වාගෙන ගිය හිමිකරු සහ එහි සේවය කළ දෙදෙනකු ඊයේ මුහුදේ දියනාමින් විනෝද වී ඇති අතර එහිදී එකවර දියවැලකට හසුව තිදෙනා මුහුද ගැඹුරට ගසාගෙන ගොස් දියේ ගිලී ඇති බව පොලිසිය පැවසීය.
එලෙස දියේ ගිලී මියගොස් ඇත්තේ යාපනය පදිංචි දේවකරුණාදාස් ජූඩ්(37) සහ වවුනියාව, සෙට්ටිකුලම් පදිංචි සිවනේසන් දිව්‍යන් (21) හැවිරිදි තරුණයකු වේ.
මුහුදේ ගිලුණු තිදෙනාගේ සිරුරු සොයා ධීවරයින් හා පොලිසිය මුහුදු ප්‍රදේශය පරීක්ෂා කොට ඇති අතර එහිදි දෙදෙනකුගේ සිරුරු හමුවූ බව පොලිසිය පැවසීය.
අතුරුදහන්වූ අනෙක් පුද්ගලයාගේ සිරුරු සොයා නාවික හමුදාව හා පොලිසිය විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd