IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


මුහුණු පොතේ දැන්වීම් දමා කතුන් රවටා රිමාන්ඩ් වේ

(නිමන්ති රණසිංහ)

මුහුණු පොතේ දැන්වීමක් නිර්මාණය කර එහි ‘හඳහන් බලන බවට’ සඳහන් කරමින් කාන්තාවන් රවටා රුපියල් ලක්ෂ ගණනින් කප්පම් ලබාගත් බව කියන ජෝතිර්වේදියකු ලබන 08 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා බන්ධනාගාර අධිකාරියට අද (03) නියෝග කළේය.

මෙම සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින මුදල් වංචාවක් සම්බන්ධයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැවින් ඔහු මේ නඩුව සදහා ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් මගින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග නිකුත් වූයේ මේ වන විට මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ රදවා සිටින සැකකරුවකු වන හම්බන්තොට පදිංචි ශෂී ඩ්‍රාවින් නැමැත්තෙකි.

හඳහන් බලන බවට දැන්වීමක් නිර්මාණය කර මුහුණු පොතේ පලකර ඇති මෙම සැකකරු එම දැන්වීමට කතා කරන කාන්තාවන් රවටා ඔවුන්ගේ පින්තූර ගෙන්වාගෙන ඇති බවත්, පසුව එම පින්තූර භාවිත කර ‘ගණීකාවන් ලබාගැනීමේ පහසුකම් ඇත’ යනුවෙන් තවත් දැන්වීමක් නිර්මාණය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

 



අදහස් (0)

මුහුණු පොතේ දැන්වීම් දමා කතුන් රවටා රිමාන්ඩ් වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site