IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මහජනපීඩාකාරී යැයි කුකුළු ආහාර නිශ්පාදන හලක් වහයි

(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ කුකුල් ආහාර නිශ්පාදන ආයතනයක් කිසිදු ආයතනයක බලපත්‍රයක් ලබා නොගෙන මහජන පීඩාකාරී ලෙස පවත්වාගෙන යාම නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමට නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

අදාල කර්මාන්ත ශාලාව නිසාවෙන් පාදුක්ක උඩුමුල්ල එම්.ඩී.එච් ජයවර්ධන විද්‍යාලයේ දරුවන්ට ඉගෙනීමට බාදා වන බවට සහ එම කර්මාන්ත ශාලාවෙන් නිකුත් වෙන දුර්ගන්ධය නිසාවෙන් පාසල් දරුවන් සහ දෙමාපියන්ට මුහුණ පෑමට සිදුව තිබූ ගැටළු සහගත තත්වය පිලිබදව පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවට යොමු කර තිබූ පැමිණිල්ලක් අනුව සිදුකල ක්ෂේත්‍ර පරික්ෂාවකින් පසු මෙම තීරණය ගත් බවද එම අධිකාරිය සඳහන් කරයි.
.
සිදුකළ ක්ෂේත්‍ර පරික්ෂාවේදී දුර්ගන්ධය නිසාවෙන් මහජන පීඩාවක් සිදුවන බවටත්   ජනනය වන දුර්ගන්ධය පාලනය කිරීමට අදාළ උපකරණ සවිකර නොතිබීමත් අදාළ කර්මාන්ත ශාලාවේ ස්ථාපත කර ඇති ඩීසල් ටැංකියට සමාන දෙවන රැඳවුම් ටැංකියක්  ඉදිකර නොතිබීමත් එමෙන්ම

කර්මාන්ත පරිශ්‍රය සඳහා ලබාගත් ගිනි ආරක්ෂණ බලපත්‍රය ඉදිරිපත් කිරීමට ආයතනය අපොහොසත් වීමත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරනු ලබන පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොතිබීමත් යන කරුණු මත ජාතික පරිසර පනත මත මෙවැනි ආකාරයේ කර්මාන්තශාලාවක් පවත්වාගෙන යාම දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් ඊට අදාළ අනුමැතීන් ලබා ගැනීමට දින 14 ක් තුල කටයුතු කරන ලෙසත් දන්වමින් මධ්‍යම පරිසර අධිකාරිය මගින් එම ආයතනය වෙත ලිඛිතව දැනුම් දීමක් සිදුකර ඇත.



අදහස් (1)

මහජනපීඩාකාරී යැයි කුකුළු ආහාර නිශ්පාදන හලක් වහයි

Kamal Koyrala Sunday, 23 February 2025 12:59 PM

මෙකී කර්මාන්ත ශාලාව කොපමණ වසරක් පවත්වාගෙන ගියේද? කියා පරිසර අධිකාරිය දන්නේ මේ පැමිණිල්ලෙන් පසුවද? පරිසර අධිකාරියෙන් දින 14ක කාලයක් දීම නොවේ දෙන දඬුවම මොකක්ද කියන්න... එමෙන්ම කර්මාන්ත ශාලා ස්ථානගත කිරීමේදී අවට පරිසර තත්වයන් නොවිමසුවේ මන්ද? එමෙන්ම පීරියඩික් ඔඩිටින් නොකළේ මන්ද?

:       2       18

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කොත්මලේ අනතුරින් මියගිය අයගේ වන්දි යවයි
2025 මැයි මස 14 1 0

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම්



කාදිනල්තුමෝ නව පාප්වහන්සේ හමුවෙති
2025 මැයි මස 14 816 0

මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමන් නව පාප්වහන්සේ ශුද්ධොත්තම 14 වැනි ලියෝ පාප් වහන්සේ හමුවූහ.


ජනාධිපති කාර්යාල වෙසක් සැමරුම් දෙවන දිනටත්
2025 මැයි මස 14 242 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන


දෙමටගොඩ ඝාතනයට හතරක් අල්ලයි
2025 මැයි මස 14 1009 0

දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු


වෙන්නප්පුව මුහුදේ අතුරුදන්වු දෙන්නකුගේ සිරුරු වෙරළට
2025 මැයි මස 14 282 0

වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1359 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1579 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 412 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site