
(කේ බුද්ධික කුමාරසිරි)
පාදුක්ක උඩුමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ කුකුල් ආහාර නිශ්පාදන ආයතනයක් කිසිදු ආයතනයක බලපත්‍රයක් ලබා නොගෙන මහජන පීඩාකාරී ලෙස පවත්වාගෙන යාම නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයේ ක්‍රියාකාරීත්වය නැවැත්වීමට නියෝග කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
අදාල කර්මාන්ත ශාලාව නිසාවෙන් පාදුක්ක උඩුමුල්ල එම්.ඩී.එච් ජයවර්ධන විද්‍යාලයේ දරුවන්ට ඉගෙනීමට බාදා වන බවට සහ එම කර්මාන්ත ශාලාවෙන් නිකුත් වෙන දුර්ගන්ධය නිසාවෙන් පාසල් දරුවන් සහ දෙමාපියන්ට මුහුණ පෑමට සිදුව තිබූ ගැටළු සහගත තත්වය පිලිබදව පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවට යොමු කර තිබූ පැමිණිල්ලක් අනුව සිදුකල ක්ෂේත්‍ර පරික්ෂාවකින් පසු මෙම තීරණය ගත් බවද එම අධිකාරිය සඳහන් කරයි.
.
සිදුකළ ක්ෂේත්‍ර පරික්ෂාවේදී දුර්ගන්ධය නිසාවෙන් මහජන පීඩාවක් සිදුවන බවටත් ජනනය වන දුර්ගන්ධය පාලනය කිරීමට අදාළ උපකරණ සවිකර නොතිබීමත් අදාළ කර්මාන්ත ශාලාවේ ස්ථාපත කර ඇති ඩීසල් ටැංකියට සමාන දෙවන රැඳවුම් ටැංකියක් ඉදිකර නොතිබීමත් එමෙන්ම
කර්මාන්ත පරිශ්‍රය සඳහා ලබාගත් ගිනි ආරක්ෂණ බලපත්‍රය ඉදිරිපත් කිරීමට ආයතනය අපොහොසත් වීමත් මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිකුත් කරනු ලබන පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබාගෙන නොතිබීමත් යන කරුණු මත ජාතික පරිසර පනත මත මෙවැනි ආකාරයේ කර්මාන්තශාලාවක් පවත්වාගෙන යාම දඬුවම් ලැබිය හැකි වරදක් වන බැවින් ඊට අදාළ අනුමැතීන් ලබා ගැනීමට දින 14 ක් තුල කටයුතු කරන ලෙසත් දන්වමින් මධ්‍යම පරිසර අධිකාරිය මගින් එම ආයතනය වෙත ලිඛිතව දැනුම් දීමක් සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙකී කර්මාන්ත ශාලාව කොපමණ වසරක් පවත්වාගෙන ගියේද? කියා පරිසර අධිකාරිය දන්නේ මේ පැමිණිල්ලෙන් පසුවද? පරිසර අධිකාරියෙන් දින 14ක කාලයක් දීම නොවේ දෙන දඬුවම මොකක්ද කියන්න... එමෙන්ම කර්මාන්ත ශාලා ස්ථානගත කිරීමේදී අවට පරිසර තත්වයන් නොවිමසුවේ මන්ද? එමෙන්ම පීරියඩික් ඔඩිටින් නොකළේ මන්ද?