(යොහාන් භාසුර)
පළාත් පාලන ආයනවලට මහජන සේවා සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් සැළසීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි 300 කට (මිලියන 3085.96) අධික මුදලක් වැය කරමින් ව්‍යාපෘති 544 ක් ආරම්භ කර තිබේ.
පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ මඟපෙන්වීමෙන් මෙම ව්‍යාපෘති මාලාව ක්‍රියාත්මක කරයි.
සතිපොළ හා වෙළඳපොළ පහසුකම්, ආදාහනාගාර ඉදිකිරීම්, කුඩා නගර සංවර්ධනය, කෘෂි මාර්ග සංවර්ධනය, ආදායම් උත්පාදන ව්‍යාපෘති, ප්‍රජා, සෞඛ්‍ය සනීපාරක්ෂාව හා අධ්‍යපනය සහ මහජන සුබසාධනය හා විනෝදාත්මක කටයුතු යන අංශ 7 යටතේ මෙම ව්‍යාපෘති මාලාව ක්‍රියාත්මක වේ.
සතිපොළ, වෙළඳසංකිර්ණ, කඩ කාමර, ජංගම වෙළඳ කුටි ඉදිකිරීම හා සංවර්ධනය කිරිමේ ව්‍යාපෘති 150 ක් සඳහා රුපියල් කෝටි 76 කට (මිලියන 768.11) අධික මුදලක් මෙහිදී වැය කිරීමට නියමිතය.
මෙහිදී ආදාහනාගාර 12 ක් ඉදිකිරීමට රුපියල් කෝටි 17 කට (මිලියන 175.41) අධික මුදලක්, කුඩා නගර 47 ක් සංවර්ධනය සඳහා රුපියල් කෝටි 96 කට (මිලියන 968.50) අධික මුදලක් ද, ග්‍රාමීය ප්‍රදේශවල කෘෂි මාර්ග 95 ක් ඉදිකිරීම හා සංවර්ධනය සඳහා රුපියල් කෝටි 16 කට (මිලියන 160.16) අධික මුදලක් වෙන් කර තිබේ.
ශ්‍රවණාගාර, බහුකාර්යය ගොඩනැගිලි, සංචාරක අකර්ශණිය ස්ථාන 58 ක් ඉදිකිරිම හා සංවර්ධනය සඳහා රුපියල් කෝටි 35 කට (මිලියන 359.66) අධික මුදලක් වැය කිරීමට නියමිතය.
අයුර්වේද මධ්‍යස්ථාන, පුස්තකාල, දිවා සුරැකුම් හා පෙර පාසල්, ශරීර සුවතා මධ්‍යස්ථාන, ඇවිදින මංතීරු, පොදු වැසිකිළි පහසුකම් ව්‍යාපෘති 81 ක් සංවර්ධනය හා අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් කෝටි 32 කට (මිලියන 327.17) අධික මුදලක් වෙන්කර තිබේ.
මෙම ව්‍යාපෘතිමාලාව යටතේ ළමා හා මහජන උද්‍යාන, වාහන නැවතුම් ස්ථාන, නාන තොටුපළ, කාණු පද්ධති, වීථි ලාම්පු සවිකිරීම, ජල යෝජනා ක්‍රම, ප්‍රජාශාලා, පළාත් පාලන ආයතන සතු ගොඩනැගිලි ඉදිකරීම හා සංවර්ධනය කිරීම සහ යන්ට්‍රෝපකරණ මිලදීගැනීම සඳහා වන ව්‍යාපෘතීන් 101 කට මෙහිදී රුපියල් කෝටි 32 කට (මිලියන 326.97) අධික මුදලක් වෙන්කළ බව එම අමාත්‍යංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහළ අධීක්ෂණයක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි. නැත්නම් ඉතින් වෙන දේ කියන්න ඕනේ නෑනෙ.
ප්‍රාදේශීය සභා මැතිවරණය 2022 පෙබරවාරියේ.., කොහොමද බැසිල්ගේ ටිකිරි මොලේ?
නියමිත ප්‍රමිතියේ විගණනය නොමැතිනම් මේ මුදල් අදාල ආයතනවලට නොදුන්නා යැයි හිතාගන්න. අපේ ජනතා නියෝජිතයන් අලි බබා සහ හොරු හතලිහ කෙතරම් හොදට රගපාවැද කියන එක ජන ජීවිතය සංවර්ධනය, ණය කන්ද සහ ස්වයං සංවර්ධනය දෙස බලනකොට නොපෙනෙන්නෙ කාටද?