IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහජන පැමිණිලි නොතැකූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

(ඉන්දිකා  රාමනායක)

මහජන පැමිණිලි නොසලකා හැරිය පොලිස් නිලධාරීන් 9 දෙනකුට චෝදනා පත්‍ර ලබා දී ඇති බවත්, තවත් 19  දෙනකුට  අවවාද පත්‍රිකා  ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

පොලිස් ස්ථාන වෙත මහජනයාගෙන්  ලැබෙන  පැමිණිළි  සම්බන්ධයෙන්   පොලිස් මුලස්ථාන යේ    උපදෙස්  චක්‍රලේඛ   මත කටයුතු නොකළ සිදුවීම් 125 ක් සම්බන්ධයෙන් පොලිස්පතිවරයා නියමයෙන් පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකය විමර්ශන ආරම්භ කර   ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පොලිස් අධිකාරි නීතිඥ  නිහාල් තල්දූව මහතා පවසයි.
මෙම සිදුවීම් වලින් ලිපි ගොනු 84 ක්  විමර්ශන අවසන් කර ඇති බවත්  ගොනු 23 ට  ඉදිරයේ චෝදනාපත්‍ර හා  අවවාද පත්‍ර නිකුත් කිරීම නියමිත බවද හෙතෙම කීය.
මෙම චෝදනා ලබා ඇති නිලධාරීන් අතර   පොලිස් ස්ථානාධිපතිවරුන්,  අංශ බාර ස්ථානාධිපතිවරුන්ල  සිටින බවත්    ඉදිරියේ ඔවුන්  තනතුරු වලින් ඉවත් කරන බවද පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
 

 



අදහස් (2)

මහජන පැමිණිලි නොතැකූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී

abaran Tuesday, 17 October 2023 12:23 PM

කුණුවී ඕජස් ගලන අපේ සමාජය හදන්න නම් මුලින්ම පොලිසිය හදන්න ඕන . එනිසා වැරදි කල මේ නිලධාරීන්ට දඬුවම් කිරීම අගය කල යුතුයි . ඒ වගේම පොලිසියේ ඉන්නෙත් මිනිස්සු නිසා ඒ අයගේ සේවය තෘප්තිමත්ව කරගෙන යාමට අවශ්‍ය පහසුකම්ද දිය යුතුයි . කොටින්ම කිවතොත් ඔවුන්ගේ නිල ඇඳුමත් අපේ දේශගුණයට ගැලපෙන්නේ නැහැ , විශේෂයෙන්ම කරන රාජකාරියේ ස්වභාවය අනුව. එමෙන්ම ඔවුන්ට ගෙවන වැටුප , ලැබෙන නිවාඩු , ඔවුන්ගේ මානසික පීඩනය යනාදිය ගැනද අවධානය යොමු කරන්න . වැරදි කරන අයට ක්ෂණිකව උපරිම දඬුවම් දෙන්න. එවිට අභිමානවත් පොලිස් සේවයක් හැදේවි .

:       0       0

C.K.Lankaputhra Tuesday, 17 October 2023 02:04 PM

පොලිස් නිලධාරීන් මාරු කරන්නේ පොලිස්පති නොවේනේ. ඔවුන්ගේ මාරුවීම් කරන්නේ සහ තනතුරු වලින් ඉවත් කරන්නේ ඇමැති වරුන් සහ මන්ත්‍රීවරුන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site