
(ඩයනා උදයංගනී)
රජයේ ආයතනවල මහජන දිනය සඳුදාට යොදාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක ඇමති උදය ගම්මන්පිල මහතා පැවසීය.
වසර 60ක් තිස්සේ රජයේ ආයතනවලට සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් වෙන්කර තිබුණේ බදාදා දිනයයි.
බදාදා දිනය පාර්ලිමේන්තුව රැස්වන බැවින් මෙම තීරණය ගත් බව ද ගම්මන්පිල මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් සදුදා තවත් ට්‍රැෆික් වැඩි වෙයි
ලංකාවේ මහජන දිනය කියන්නේ කුමක්ද? නිලධාරින්ගෙන් බැටකන අහිංසක දුප්පත් රටවැසියා තමන්ට සාධාරණයක් ඉටුකර ගැනීමට "තමන් විසින් පත්කරගත් මහජන නියෝජිතයා "හමුවීමට පැමිණෙන දවසයි. එදාට අහිංසකයින් මේ මන්ත්‍රීවරයාට වඳිනවා, පාද නමස්කාර කරලා, පින් දීලා ඉල්ලා සිටිනවා "අනේ හාමුදුරුවනේ මේ වැඩේ කරලා දෙන්න.." කියලා. මන්ත්‍රීත් දත් ඔක්කොම විලිස්සලා" "හරි හරි..". කියනවා. වැඩවසම් ක්‍රමය නැවතත් සිහියට නංවන මෙවැනි බහුබූත දියුණු රටවල නම් නැහැ. ඒ රටවල මිනිස්සු තමන්ගේ නියෝජිතයාව කවදාවත්ම දැකලා නැති අවස්ථා එමටයි. එදා පටන් තියෙන මේ ක්‍රමය මිනිස්සුන්ගේ හිත තුළ මන්ත්‍රීවරයා වෙනුවෙන් භක්තියක් ඇතිකිරීමට ඉවහල් වුණා. අන්තිමට සිදුවන්නේ මිනිසා විසින් පත්කරගත් මන්ත්‍රීවරයා (නියෝජිතයා) ස්වාමියා වීමත් ඇත්තම ස්වාමියා වහලෙකු වීමත් පමණයි. නිලධාරීන් දැනගත යුතුයි. නැතිනම් දැනුවත් කළ යුතුයි. ඔවුන්ගේ රැකියාවේ විභවය තීරණය වන්නේ ඔවුන් මහජනතාවට කරන සාධාරණ සේවය සඳහා පමණක් බව. එමෙන්ම ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුයි. මහජන පැමිණිලි 3කට වඩා ඇති නිලධාරීන් ඔවුන්ගේ ශ්‍රේණියෙන් පහළට දැමීම හෝ සේවය අවසන් කිරීම පිළිබඳව සටහනක්...
හැම අතින්ම නොගැලපෙන වැඩක්. පුද්ගලික අවශ්යතායවකට දීර්ඝ නිවාඩුවක් උවමනා වූ විට රාජ්‍ය නිලධාරින්ද ඇතුළු බොහෝ දෙනා ඒ සඳහා යොදා ගන්නේ සති අන්ත නිවාඩුවට පෙර හා පසු දවස් බව ඕනෑම කෙනෙක් දන්නා කාරණයක්. එමෙන්ම බෝඩිම නවාතැන්පළවල නැවතී සේවය කරන බොහෝදෙනා සති අන්තයේ දුරබැහැර ගම් පළාත් වෙත ගොස් නැවත පැමිණෙන්නේ සඳුදා දිනවල වන අතර ඇතැම් විට එය කෙටි නිවාඩු ලබන දවසක් වීමට ඇති ඉඩකටද වැඩිය. සෑම දෙනාටම පහසුවක් වන පරිදි බදාදා දිනට යොදාගෙන තිබූ මහජන දිනය වෙනස් කරනු වෙනුවට මාසයටම දින කිහිපයක් පමණක් පැවැත්වෙන පාර්ලිමේන්තු දිනය වෙනස් කිරීම කෙතරම් පහසුවෙන් කළ හැකිව තිබුණිද?
පිට පළාත්වල පදිංචි සේවකයන් නැවත සේවයට එන්නේ සඳුදා උදේට.. බස්, කෝච්චිවල ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනඟ. ඒ එන සේවකයන් සඳුදා දවස එන්නේ බාගෙට මැරිලා වගේ.. අනේ මෙහෙමත් තීරණ.