(යොහාන් භාසුර)

විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය සම්මත කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම කැබිනට් මණ්ඩලයේ ලේකම් ඩබ්ලිව්. එම්. ඩී. ජේ. ප්‍රනාන්දු මහතා වෙත පැහැදිළි කිරීමේ ලිපියක් යොමු කර තිබේ.

මහජන උපයෝගිතා කොමිසම පසුගිය 12 වැනිදා එම කොමිසමේ විශේෂ රැස්වීමක් කැඳවා සාකච්ඡා කළ බවත් ඒ අනුව ලංකා විදුලිබල මණඩලය බගපත්‍ර ලාභියා ලෙස මේ මස 5 වැනිදා යොමු කළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව සළකා බැලීමට තීරණය කළ බවත් එම ලිපියේ සඳහන් වේ.

තාවකාලික සහ අන්තර්කාලීනව විදුලි ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය දුන් අනුමැතිය පිළිබඳව ද එම ලිපියෙන් වැඩි දුරටත් පැහැදිළි කර තිබේ.