(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ ඇති විධානයට අනුව අද (26) සිට ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී කිසිදු විදුලිය විසන්ධි කිරීමේ ඉල්ලීමකට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය නොදෙන බව  මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මානව හිමිකම් කොමිසමට ලිපියක් මගින් දැනුම් දී තිබේ

එදින සිට උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය සැපයිය යුතුයැයිද ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කර ඇති බවද එම  ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය එම නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් ලංකා විදුලිබල මණ්ඩල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනක රත්නායක මහතා එම ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.