(යොහාන් භාසුර)
මහජන උපයෝගිතා කොමිසමේ ස්වාධීන බව නැති කිරීමට දේශපාලන අධිකාරිය විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් එය ඉතිහාසගත වැරදක් බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (2) පැවසීය.
රටට තවත් ස්වාධීන ආයතන අවශ්‍ය අවස්ථාවක තිබෙන ස්වාධීන ආයතනවලට බලපෑම් කිරීම එතරම් හොඳ තත්වයක් නොවන බව කී රත්නායක මහතා විදුලි ගාස්තු ඉහළ දැමීමේ ක්‍රමවේදයට වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් ලබාගෙන ඒ අනුව විදුලි ගාස්තු වැඩි කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක බව ද සඳහන් කළේය.
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ඉතාමත් අසාධාරණය බවත් එයට මහජන උපයෝගිතා කොමිසම විරුද්ධ බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතූ දේ කරනවා... ඔය එක එක පෙන්දන් කියන ඒවා අපි ගණන් ගන්නේ නෑ…!
මෙයත් නිකං කයිවාරු ගගහා රටේ ජනතාව අන්දනවා.