(අජන්ත කුමාර අගලකඩ)
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්කරන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් පෙරේදා (04) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඉල්ලීමක් කර ඇත.
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍ය හමුවට පැමිණ කරන ජනතාව නොමග යවන ප්‍රකාශ වලින් ආණ්ඩුවද අපහසුතාවට පත්වන බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
එබැවින් ඔහු වහාම ඉවත් කිරීමට පියවර ගන්නැයි මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත
ඊට පිළිතුරු දී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113කගේ අත්සන් සහිත ලිපියක් භාර දෙන්නේ නම් ඔහු ඉවත් කිරීමට පියවර ගත හැකි බව සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු රටේ ජනතාව තවත් පීඩනයට ලක් කරන බවක් පෙනෙන්නට ඇත. තවද මුසාබස් දොඩමින් ජනතාව පිට තවතවත් බර පටවමින් රජය එපා කිරීමේ කටයුත්තක නිරතව සිටිනවාද? ඉවත් කිරීම මැනවි...
ඒක නම් හරි... එයත් නිකම්ම මාධ්‍ය ප්‍රකාශකයකු විතරයි. වෙන වැඩක් නැහැ.
කවුරු හරි නිලධාරියෙක් කෙළින් වැඩ කළොත් ඉරණම මේක ද? ගරු අගමැතිතුමනි ඔන්න එහොම සෘජු තීරණ ගන්න. ඒ විතරක් මදි. ජනාධිපතිතුමාටත් ටිකක් පුරුදු කරල ගමු. එහෙම කළොත් පොඩි සහනයක් රටට දැනේවි.
පින් පඩි කාරයෙක්..!