IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මහජන උපයෝගිතා කොමිසම දෙකඩ වෙයි

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම්දී ඇති බවත් එම සාමාජිකයන් තිදෙනාගේ තීරණයට විරුද්ධ මෙන්ම ඊට එරෙහිව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පැවසීය.

එම කොමිසමේ උප සභාපති උදේනි වික්‍රමසිංහ, සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ යන මහත්ම මහත්මීන් තිදෙනාගේ අස්සන්වලින් එම තීරණය ලිඛිතව අද දැනුම්දී ඇති බව කී රත්නායක මහතා කොමිසමේ සභාපතිවරයා වන තමන් නොමැතිව ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාමාජිකයන් තිදෙනා සමඟ ඊයේ (19) සාකච්ඡා කර ඇති බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු ජාතික සභාව මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් කැඳවා කළ පෙරේදා කළ සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලයේ යෝජනවා ක්‍රියාත්මක නොකිරීමට කොමිසම ගත් තීරණය එම සාමාජිකයන් දැනුවත් වීමකින් තොරව එළඹියේ යැයි පැවසීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්වූ බව කී සභාපතිවරයා පැවසුවේ ජාතික සභාවේ රැස්වීමට පැය දෙකකට පමණ පෙර එම සාමාජිකයන් තිදෙනා ජනාධිපතිවරයා හමුවී තිබූ බවත්ය.

ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්චාවට සභාපතිවරයා වන තමන්ට කිසිඳු ආරාධනාවක් නොතිබුණු බව කී ඒ මහතා ජාතික සභාවේදී ‘බලලා මල්ලෙන් එළියට පැන්න’ බව ද කීය.  

කැබිනට් මණ්ඩලය යෝජනා කළ විදුලි සංශෝධනය ඉක්මණින් ක්‍රියාකත්මක කළ යුතුයි යැයි එම සාමාජිකයන් තිදෙනා කළ දැනුම්දීම 2009 විදුලි පනතට සම්පූර්ණයෙන් පටහැනිවීම නිසා එකඟ නොවන බවත් ස්වාධින කොමිෂන් සභාවකට දේශපාලන බලපෑම් එල්ල වීම කොහෙත්ම අනුමත කළ නොහැකි බවත් සභාපතිවරයා පැවසීය.  

දේශපාලන බලපෑම් කිරීමට සම්පූර්ණ විරුද්ධ බවත් එම සාමාජිකයන් තිදෙනාට එරෙහිව දින දෙකක් තුළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් ස්වාධීන කොමිෂන් සභාවකට එවැනි ආකාරයට වැඩ කිරිමට නොහැකි බව ද සභාපතිවරයා කීය.

මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් කැඳවා පසුගිය 12 වැනිදා විශේෂ රැස්වීමක් පවත්වා කැබිනට් තීරණය ක්‍රියාත්මක කළ නොහැකි යැයි තීරණය කිරීමෙන් පසුව ගත වූ දින අට තුළදී එම තීරණයට විරුද්ධ යැයි එම සාමාජිකයන් දැනුම් නොදුන් බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

කෙල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද (20) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එසේ අදහස් දැක්වීය.  



අදහස් (13)

මහජන උපයෝගිතා කොමිසම දෙකඩ වෙයි

Sunil Friday, 20 January 2023 06:26 PM

මේ සභාපති උද්ධච්චයෙක්. හැකි ඉක්මනින් එළවා දැමිය යුතුයි.

:       79       83

DineshFriday, 20 January 2023 08:48 PM

ඉක්මනට එලවමු. විදුලි බිල කොච්චර වැඩි වුණත් අපිට මොකද?

:       22       54

C.K.Lankaputhra Friday, 20 January 2023 06:54 PM

දෙන්න මහත්තයෝ ඔය පන්දමාලට එලියට විසිවෙලා කුජීත වෙන්නම දෙන්න.

:       46       43

Akila Friday, 20 January 2023 07:07 PM

හමුවේදී පිනා අනිත් සාමාජිකයන් තුන්දෙනාට තර්ජනය කරලා වාගේ

:       58       49

Sisira Friday, 20 January 2023 07:44 PM

වාසියට නැමෙන මෙවනි රාජ්‍යනිලධාරිහු ගැන කවර කතාද

:       42       50

Demuni Uduwara Saturday, 21 January 2023 04:10 AM

පුරුද්දට, රනිල් සමගියට කැමති නැහැ!

:       0       7

අප්පුහාමි Saturday, 21 January 2023 04:12 AM

පාලකයො තමන්ගෙ පාලන කටයුතු පහසුවීමට ගැටුම් ඇතිකරනවා ඒකට කියන්නෙ ගැටුම් කළමනාකරණය කියලා වත්මන් පාලකයා කරන්නෙ ඒක තමයි එනිසා ජනතාව ඒක තේරුම් අරගෙන නොබෙදී එකාවන්ව සිට සුදුසු අවස්ථාවෙ නියමාකාරයෙන් පිළිතුරක් දෙන්න ඕන එක් එක් කෙනාට චෝදනා කරමින් බෙදීගියොත් බෙදී කණ්ඩායම් වුනොත් රට සුන්වෙනවා කියලා හිතන්න ඕන පොදු සතුරා වෙන්ව සිට පැරදවීමට නොහැකි බව තේරුම් ගන්න ඕන

:       0       4

A P Liyanage Saturday, 21 January 2023 10:17 AM

පාදඩ දේශපාලනයට එරෙහිව කෙලින් කථා කරණ එකම කොමිෂන් සභා සභාපති.

:       1       10

Ajantha Saturday, 21 January 2023 10:27 AM

අපේ රටේ ගොඩක් අය වැඩ කරන්නේ තමන්ගේ වාසියට පමණක් බවට ඔප්පු වෙන තව අවස්ථාවක් මෙය.

:       0       8

ranjith Saturday, 21 January 2023 01:00 PM

රට බංකොලොත් කරලා හොඳට තිබුණ රට විනාසම කරලා දැන් ස්වාධීන ආයතන ටික භේද කරවගෙන යනවා. දැන්වත් පුළුවන් අයට දීලා යනව නම් රට හැදේවි. දැන් රට පාලනයට එකතු වෙලා ඉන්නේ හොරු හොරු කියා ගත්තු හොර කණ්ඩායම් දෙකක්මනේ.

:       0       6

Rata Perata Saturday, 21 January 2023 02:04 PM

ස්වාධීන කොමිසමක් නම් මෙන්න මේ වගේ ඉන්න ඕනි. අනිත් සාමාජිකයන් වගේ දේශපාලුවන්ගේ අතකොලු වෙනවනම් ස්වාධීන වෙන්නේ කොහොමද? සමහර උන්ගේ ජාතකේ හරි නෑ. බලමු තව කොච්චර කාලයක් සුත්තර පුංචට මේ වගේ බලු විදියට ආණ්ඩු කරන්න පුළුවන් වෙයිද කියලා.

:       0       5

Deepal Nirosh Saturday, 21 January 2023 03:39 PM

ඉතින් ලොකු සර්, අර මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනාටත් බොරු තර්ජන නොකර මේ වගේ සාමකාමීව කැඳවලා තමන්ට ඕන තීරණයට අත්සන් කර ගත්තා නම් වැඩේ ගොඩ. සභාපති කැළේ... පාර්ලිමේන්තුවට හදිසි බොරු පනත් ගේන්න ඕනත් නැහැ.

:       1       1

Bamunuarachchi Monday, 23 January 2023 11:33 AM

ඔබතුමා ඔබේ ස්ථාවරයේ ඉන්න. අනික් එවුන්ට බම්බු ගහගන්න කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 1127 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 339 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 576 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1006 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 687 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 876 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1200 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site