
(යොහාන් භාසුර)
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම්දී ඇති බවත් එම සාමාජිකයන් තිදෙනාගේ තීරණයට විරුද්ධ මෙන්ම ඊට එරෙහිව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පැවසීය.
එම කොමිසමේ උප සභාපති උදේනි වික්‍රමසිංහ, සාමාජිකයන් වන මොහාන් සමරනායක සහ චතුරිකා විජේසිංහ යන මහත්ම මහත්මීන් තිදෙනාගේ අස්සන්වලින් එම තීරණය ලිඛිතව අද දැනුම්දී ඇති බව කී රත්නායක මහතා කොමිසමේ සභාපතිවරයා වන තමන් නොමැතිව ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාමාජිකයන් තිදෙනා සමඟ ඊයේ (19) සාකච්ඡා කර ඇති බව ද සඳහන් කළේය.
පාර්ලිමේන්තු ජාතික සභාව මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් කැඳවා කළ පෙරේදා කළ සාකච්ඡාවේදී කැබිනට් මණ්ඩලයේ යෝජනවා ක්‍රියාත්මක නොකිරීමට කොමිසම ගත් තීරණය එම සාමාජිකයන් දැනුවත් වීමකින් තොරව එළඹියේ යැයි පැවසීමෙන් තමන් දැඩි අපහසුතාවට පත්වූ බව කී සභාපතිවරයා පැවසුවේ ජාතික සභාවේ රැස්වීමට පැය දෙකකට පමණ පෙර එම සාමාජිකයන් තිදෙනා ජනාධිපතිවරයා හමුවී තිබූ බවත්ය.
ජනාධිපතිවරයා පැවැත්වූ සාකච්චාවට සභාපතිවරයා වන තමන්ට කිසිඳු ආරාධනාවක් නොතිබුණු බව කී ඒ මහතා ජාතික සභාවේදී ‘බලලා මල්ලෙන් එළියට පැන්න’ බව ද කීය.
කැබිනට් මණ්ඩලය යෝජනා කළ විදුලි සංශෝධනය ඉක්මණින් ක්‍රියාකත්මක කළ යුතුයි යැයි එම සාමාජිකයන් තිදෙනා කළ දැනුම්දීම 2009 විදුලි පනතට සම්පූර්ණයෙන් පටහැනිවීම නිසා එකඟ නොවන බවත් ස්වාධින කොමිෂන් සභාවකට දේශපාලන බලපෑම් එල්ල වීම කොහෙත්ම අනුමත කළ නොහැකි බවත් සභාපතිවරයා පැවසීය.
දේශපාලන බලපෑම් කිරීමට සම්පූර්ණ විරුද්ධ බවත් එම සාමාජිකයන් තිදෙනාට එරෙහිව දින දෙකක් තුළ නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් ස්වාධීන කොමිෂන් සභාවකට එවැනි ආකාරයට වැඩ කිරිමට නොහැකි බව ද සභාපතිවරයා කීය.
මහජන උපයෝගිතා කොමිසමේ සියලුම සාමාජිකයන් කැඳවා පසුගිය 12 වැනිදා විශේෂ රැස්වීමක් පවත්වා කැබිනට් තීරණය ක්‍රියාත්මක කළ නොහැකි යැයි තීරණය කිරීමෙන් පසුව ගත වූ දින අට තුළදී එම තීරණයට විරුද්ධ යැයි එම සාමාජිකයන් දැනුම් නොදුන් බව ද සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
කෙල්ලුපිටියේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේදී අද (20) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා එසේ අදහස් දැක්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සභාපති උද්ධච්චයෙක්. හැකි ඉක්මනින් එළවා දැමිය යුතුයි.
දෙන්න මහත්තයෝ ඔය පන්දමාලට එලියට විසිවෙලා කුජීත වෙන්නම දෙන්න.
හමුවේදී පිනා අනිත් සාමාජිකයන් තුන්දෙනාට තර්ජනය කරලා වාගේ
වාසියට නැමෙන මෙවනි රාජ්‍යනිලධාරිහු ගැන කවර කතාද
පුරුද්දට, රනිල් සමගියට කැමති නැහැ!
පාලකයො තමන්ගෙ පාලන කටයුතු පහසුවීමට ගැටුම් ඇතිකරනවා ඒකට කියන්නෙ ගැටුම් කළමනාකරණය කියලා වත්මන් පාලකයා කරන්නෙ ඒක තමයි එනිසා ජනතාව ඒක තේරුම් අරගෙන නොබෙදී එකාවන්ව සිට සුදුසු අවස්ථාවෙ නියමාකාරයෙන් පිළිතුරක් දෙන්න ඕන එක් එක් කෙනාට චෝදනා කරමින් බෙදීගියොත් බෙදී කණ්ඩායම් වුනොත් රට සුන්වෙනවා කියලා හිතන්න ඕන පොදු සතුරා වෙන්ව සිට පැරදවීමට නොහැකි බව තේරුම් ගන්න ඕන
පාදඩ දේශපාලනයට එරෙහිව කෙලින් කථා කරණ එකම කොමිෂන් සභා සභාපති.
අපේ රටේ ගොඩක් අය වැඩ කරන්නේ තමන්ගේ වාසියට පමණක් බවට ඔප්පු වෙන තව අවස්ථාවක් මෙය.
රට බංකොලොත් කරලා හොඳට තිබුණ රට විනාසම කරලා දැන් ස්වාධීන ආයතන ටික භේද කරවගෙන යනවා. දැන්වත් පුළුවන් අයට දීලා යනව නම් රට හැදේවි. දැන් රට පාලනයට එකතු වෙලා ඉන්නේ හොරු හොරු කියා ගත්තු හොර කණ්ඩායම් දෙකක්මනේ.
ස්වාධීන කොමිසමක් නම් මෙන්න මේ වගේ ඉන්න ඕනි. අනිත් සාමාජිකයන් වගේ දේශපාලුවන්ගේ අතකොලු වෙනවනම් ස්වාධීන වෙන්නේ කොහොමද? සමහර උන්ගේ ජාතකේ හරි නෑ. බලමු තව කොච්චර කාලයක් සුත්තර පුංචට මේ වගේ බලු විදියට ආණ්ඩු කරන්න පුළුවන් වෙයිද කියලා.
ඉතින් ලොකු සර්, අර මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දෙදෙනාටත් බොරු තර්ජන නොකර මේ වගේ සාමකාමීව කැඳවලා තමන්ට ඕන තීරණයට අත්සන් කර ගත්තා නම් වැඩේ ගොඩ. සභාපති කැළේ... පාර්ලිමේන්තුවට හදිසි බොරු පනත් ගේන්න ඕනත් නැහැ.
ඔබතුමා ඔබේ ස්ථාවරයේ ඉන්න. අනික් එවුන්ට බම්බු ගහගන්න කියලා.