(යොහාන් භාසුර)

ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 46 වන ගුණ සැමරු උත්සවය කොළඹ ටොරින්ටන්හි පිහිටි ඒ මහතාගේ ස්මාරකය අසළදී අද (29) පෙරවරුවේ පැවැත්විණි.

මහාචාර්ය සේනක බිබිලේ අනුස්මරණ සංවිධානය එම උත්සවය සංවිදානය කළේය.

මෙම අවස්ථාවට සේනක බිබිලේ අනුස්මරණ සංවිධානයේ ජාතික සංවිධායක වෛද්‍ය ජයන්ත බණ්ඩාර සහ සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමන්ත කෝරළේආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

(ඡායාරූපය: ශාන්ත රත්නායක