(ටී.කේ.ජී.කපිල)

ඉන්දියාවේ බරණැස හින්දු විශ්ව විද්‍යාලයේ පෙරදිග සංගීතය පිළිබඳ මහාචාර්ය විෂ්ණු චිට්ටන් බලාජි මහතා  සතියක ශාස්ත්‍රීය සංගීත චාරිකාවක් සදහා අද දහවල් දිවයිනට පැමිණියාය.

බලාජි මහතා ශාස්ත්‍රීය ගායන අංශයේ මෙන්ම වයලීන වාදනයෙහි ද අති දක්ෂයෙකි .

බලාජි මහතා සංගීත විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ නිවසෙහි දී ද  පිටකෝට්ටේ රවි බන්දු විද්‍යාපති නර්තන ඇකඩමියේ දී  ශ්‍රී ලංකාවේ සංගීත විෂය උගන්වන ගුරු භවතුන් , උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සංගීතය විෂය හදාරන සිසුන් සදහාත්, ශාස්ත්‍රීය ගායනා සහ වාදන වැඩසටහනක් පැවැත්වීමට නියමිතය .

අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේදී ත් ශාස්ත්‍රීය ගායන සහ වාදන ප්‍රසංග පැවැත්වීමට නියමිතය .

මෙම සියලු ශාස්ත්‍රීය සංගීත ප්‍රසංග සංගීත විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ මෙහෙයවීමෙන් සහ සහභාගීත්වයෙන් පැවැත්වීමට සැළසුම් කර තිබේ. සංගීත විශාරද සුජාතා අත්තනායක මහත්මියගේ ආරාධනයෙන් ඔහු මෙරටට පැමිණියේය.