IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

(තිලිනි  මධුෂානි)

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) දින අභාවප්‍රාප්ත විය.

මිය යන විට 80 වියේ පසු වු හෙතෙම කැළණිය විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ හිටපු අංශාධිපතිවරයා ලෙසත් මානව ශාස්ත්‍ර පීඨයේ පිඨාධිපති වශයෙන්ද කටයුතු කර ඇත.

ඔහු විසින් රචිත කෘති 54ක් ප්‍රකාශයට පත් කර ඇති අතර නවකතා, විචාර ග්‍රන්ථ, පරිවර්තන සහ ළමා කෘති මෙහි ඇතුළත් වේ.

ඔහු විසින් රචනා කළ කෘතින්ගේ `සමාජ මුහුණුවර `1984 වර්ෂයේ සහ `යථාර්ථය සහ නිර්මාණ` 1994 වර්ෂයේ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබා ඇත.

විශේෂයෙන් 1995 වර්ෂයේ පරිවර්තනය කරන ලද සිනමා සිද්ධාන්ත හා විචාර  නැමැති කෘතිය සිනමා ක්ෂේත්‍රයේ පුරෝගාමී කෘතියක් බවට පරිවර්තනය වී ඇත.

 

 



අදහස් (6)

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි

චන්දන Friday, 22 March 2024 01:04 PM

සුපිරි තරුවක නික්ම යාම...ඔබගේ සේවය අමරණීය යි....නිවන් සුව ලැබේවා !

:       0       42

ranjith Friday, 22 March 2024 01:10 PM

රටේ හොද මිනිස්සු නිකන්ම යනවා. නිකන්ම යන්න ඕන උන් ඉතුරුවෙනවා.

:       0       17

මැක්ස් Friday, 22 March 2024 01:54 PM

කැලණියේදී අපත් එතුමා ගෙන් ගුරුහරුකම් ලැබුවා. නිවන් සුව ලැබේවා ඇදුරුතුමනි!

:       1       28

අරවින්ද මොනරවිල Friday, 22 March 2024 02:45 PM

විශිෂ්ඨ ගණයේ උගතෙක් හා බුද්ධිමතෙක් වු මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මැතිතුමාට අපගේ ගෞරවය ආචාරය !

:       0       24

thamara ketipe Saturday, 23 March 2024 08:14 AM

කැලණිය විශ්වවිද්‍යාලයට 82/83 අධ්‍යයන වසරේ ඉගෙනගන්න ලැබුණා. ඒ කාලයේ විශ්ව විද්‍යාලයට තේරුණු ළමයින්ගේ නම් පුවත්පත් වල පල වුන යුගයක් වුනේ එතරමටම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගැනීම අමාරු වූ බැවිනි. රටේ විශ්ව විද්‍යාල ගණනත් අතලොස්සක් වූ බැවිනි. ඒ තරම් මහන්සියක් ගේන විශ්වවිද්‍යාලට ඇතුළු වුණත් රැග් එක නිසා විඳින්නට සිදු වුණු මානසික අවුල වචනයෙන් කියා නිම කළ නොහැකියි. පල්ලියගුරු සර් ඇතුළු ආචාර්යවරු අපි එම වාදයෙන් බේරාගන්න අපමණ කටයුතු කළා. ඒ වගේම සිංහල අංශයේ අධ්‍යාපන කටයුතු අපට කරගෙන යන්න වෙහෙස මහන්සි වී වැඩ කළා. සර් වගේ උතුමන්ලාගෙන් ඉගෙන ගන්න මමත් පින් කරලා තිබීම සැබෑවටම මම ආඩම්බර වෙනවා. සසරේ ආයේමත් අධ්‍යාපන ලබන්න අවස්ථාවක් ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රසිරි පල්ලියගුරු සර් ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි.

:       0       7

Tamara Jayathilake Saturday, 23 March 2024 08:22 PM

ආදරණීය පල්ලියගුරු සර්, අපිත් වාසනාවන්ත වුණා... ඒ මහා දැනුම් ගබඩාවෙන් පෝෂණය ලබන්න. සරල, සුන්දර, නිහතමානී හිනාව හා ඉගැන්වීමේ විලාශය කවදාවත් අමතක වෙන්නෑ. සර්ගේ සංසාර චාරිකාව සුවදායකම වේවා! පැතූ සැනසුම හිමිවේවා!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site