
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හැව්ලොක් සිටි, මිරේකා ටවර් සාප්පූ සහ කාර්යාල සංකීරණය (Mireka Tower) විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. මහකොළඹ ආර්ථික කොමිසම විසින් ආයෝජන සඳහා හඳුන්වා දී තිබු නීති පද්ධතිය නැවත සක්‍රීය කර දැනට පවත්නා අකාර්යක්ෂම ක්‍රියාවලිය වෙනුවට වඩා ක්‍රියාශීලි නීති පද්ධතියක් හඳුන්වා දෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.
නැවතත් ඉහළ ආර්ථික වර්ධන වේගයක් ළඟා කර ගැනීමට හැකි වන්නේ කෙසේද යන්න පිළිබඳ සොයා බලමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයෝජන පිලිබඳ ආයතනය වැඩිම කාලයක් හිටපු සභාපතිවරයෙක් කියලා තිබුනා ඔහුට ආයෝජන වැඩිකරගන්න බලපාපු ගැටළු (ලංකාදීප 4/8/22 )මොන දේ කලත් ආන් ඒම කට්ටියව බෝල කුඩුවේ එල්ලලා පටන් ගත්තොත් සාර්ථක වෙයි .තව දෙයක් ඔය රටට හිතයිෂි කියන පාලුවෝ ටිකටත් කූඩු හදලාම පටන්ගත්තොත් රටට අනාගතයක් තියේවි
මම ගුටි නොකා ගෙදර යන්න පාර හොයමින් ඉන්නවා