(මනෝ ප්‍රිය ගුණසේකර)
රෝගීව එක්තැන්ව සිටින සිය පියා රැකගැනීම සහ පවුල නඩත්තු කිරීමේ වගකීම මව මිය යෑමෙන් අනතුරුව කරට ගෙන නිවසක මෙහෙකාරකමට ගිය 17 වැරදි පාසල් සිසුවියක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට වසර 45 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා දූෂණය කළ දැරිය ට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමට ද අද 21 නියම කළේය.
මේ වන විටත් විත්තිකරු පදිංචිව සිටි රාජගිරිය ප්‍රදේශයෙන් පළාගොස් සැඟවී සිටින විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා විත්තිකරුට රකින් පිටව යෑම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් ද පැනවීය.
විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් මෙලෙස එලෙස දඬුවම් නියම කරන ලද්දේ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි හිමාශ ප්‍රමින්ඩ ගනේගොඩ නමැත්තාට ය.
2003 අප්‍රේල් මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ප්‍රදේශයේදී තරුණියක් දූෂණය කළ බවට විත්තිකරුට එරෙහිව චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා නඩු පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගයේ දී දූෂණයට ලක් වූ තරුණිය අධිකරණයේ සාක්ෂි දෙමින් තමාගේ පියා ඔත්පළව නිවෙසේ එක්තැන්ව සිටින බවත් පවුල නඩත්තු කරමින් සිටි මව හිටිහැටියේ මිය මියයෑමෙන් තමන් අන්ත අසරණ තත්ත්වයකට පත්වූ බවත් පැවසුවාය.
ඔත්පළ ව සිටින පියා නඩත්තු කිරීම සඳහා විශාල මුදලක් අවශ්‍ය වූ හෙයින් පාසල් යන අතරතුර දී ම තමා රාජගිරිය ප්‍රදේශයේ නිවසක මෙහෙකාර කමට ගිය බවත් ඒ අවස්ථාවේදී නිවසේ හිමිකරු තමා අවස්ථා කීපයකදීම දූෂණය කළ බවත් කී දූෂණයට ලක් වූ තරුණිය මේ පිළිබඳව කිසිවකුට හෝ කිව්වොත් හමුදාවය යහළුවන් ලවා තමා පැහැරගෙන යන බවට විත්තිකරු තමාට තර්ජනය කළ බව ද කීවාය.
තමා දූෂණයට ලක්කිරීමෙන් අනතුරුව ගැබ් ගැනීමෙන් වැළකීම සඳහා ඔහු තමාට උපත් පාලන ක්‍රම සිදුකළ බවද තරුණිය අධිකරණය හමුවේ හෙළි කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරැදු 20 වැනි කෙටි කාලයකින් නඩුව ඉවර කරල
මේ වගේ කාලකන්නි එල්ලා මරන්න ඕන .ප්‍රසිද්ධියේ
මොනවද මේ විහිලු .මේ ළමයා දුෂණයට ලක්වෙලා තියෙන්නේ 2003 දී.තීන්දුව එන්නේ අවුරුදු 20 කට පස්සේ .වින්දිතයා මේ දුක දරාගෙන අවුරුදු 20 ක් ඉඳලා තියනවා .හැබැයි ක්‍රිකට් අතුරු කමිටුව තහනම් කරන්න නම් පැය කීපයයි ගියේ .මුන් ඔක්කොම කාලකන්නි අපතයෝ
තීන්දුවනම් මරේ මරු .ඉහලින්ම ගරු කරනවා. එත් අවුරුදු විස්සක් තිස්සේ අධිකරණය පොල් ගෑවද කියන ප්‍රශ්නය අහන්න වෙනවා.
නඩුව අවුරුදු 20 ක් අහලා?අනිවාර්යයෙන්ම මේ විත්තිකරුගෙන් යම් බලපෑමක් තියෙන්න ඇති පොලිසියට නඩු නොදමා ඉන්න හෝ ප්‍රමාධ කරන්න.තවම ඒ දූෂකයා අල්ලලත් නැහැ .දූෂකයා සිද්ධිය වෙනකොට වයස 50 ක 55 ක එකෙක් උනා නම් දැන් මැරෙන්නත් ළඟ ඇති
දූෂණ නඩුවක් අවුරුදු 20 ක්... කවදා මේවා වෙනස් වේවිද?