(අංජුල මහික වීරරත්න)
වර්ෂාව අඩු වී හෝ කෘෂිකර්මයන්තයට ජලය අවශ්‍ය වුවහොත් ජල ව්‍යපෘතිය සඳහා මහකනදරා වැවෙන් ජලය ලබා ගන්නේ නැතැයි වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා ගොවි ජනතාව හමුවේ පැවසීය.
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගොවි ජනතාව මුහුණදී සිටින ගැටලු පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවකට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙි බව සඳහන් කළේය.
මහකනදරා වැවෙන් අක්කර අඩි 1000ක ජලධාරිතාවක් අනිවාර්යයෙන් ලබා ගන්නා බවට එකඟතාවයක් නැතැයි කී රාජ්‍ය අමාත්‍යවරයා කෘෂිකර්ම කටයුතු සඳහා මූලිකත්වය ලබා දිය යුතු බවද ගොවි සංවිධානවලට අවශ්‍ය ජල ප්‍රමාණය ලබා දෙන බවද සඳහන් කළේය.
ඒ ප්‍රමාණයන් අනුව පානීය ජලය සඳහා පොම්පාගාරයෙන් කොපමණ ජල ප්‍රමාණයක් ලබා ගන්නවද කියා තීරණය කළයුතු බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඒ සඳහා ජල සම්පාදන මණ්ඩලය එකඟ වූ බව සඳහන් කළේය.
වර්ෂාව අඩු වී හෝ කෘෂිකර්මයන්තයට ජලය අවශ්‍ය වුවහොත් මහකනදරා වැවෙන් ජලය ලබා ගන්නේ නැතැයි නීත්‍යානුකූල ලියවිල්ලක් සකස්කර ගොවි ජනතාවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ ජල සම්පාදන අමාත්‍යංශයේ නිලධාරීනුත් එක්ව අවබෝධතා ගිවිසුමකට එළැඹිය හැකි බවද ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් අමතර ජල සැපයුමක් නැතිව, කෘෂිකර්මාන්තයටත් ජලය හිඟව පවතිද්දී පානීය ජලය ලබාදෙන්නේ කෙසේද? අනිවාර්යයෙන්ම විශාල ජල හිඟයකට මුහුණ දෙන්න සිදුවෙනවා. එක්කෝ කෘෂි කර්මාන්තයට ජලය හිඟවෙයි. නැතිනම් පානීය ජලය හිඟවෙයි. පනින්න පෙර සිතාබැලිය යුතුය.
මෙයත් දූෂිත පවුල් පාලනේ කෙනෙක්... රටම හොරාකාලා විනාශ කරපු අයගේ කතා දැන් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ.
එම ගොවිමහත්වරුන් ඔය ලණුව කන එකක් නැහැ. දීර්ඝ නියං කාල කියලා එන්නේ නැහැනේ. වැවේ වතුර අඩු වුණාම කොහොමත් ගන්න බැහැ තමයි.
චීන අසුචී පොහොර ගෙන්නන්න ඔබතුමා දක්වපු නොමසුරු දායකත්වය ගොවීන්ට අමතක නැතිව ඇති...!
වැවක ජල ධාරිතාව ගැනවත් අධ්‍යයනයක් නැතුවද මේ මීහරක් වැව් එක්ක ගනුදෙනු කරන්නේ? ආච්චිට හාල්ගරන ජල කලමනාකරණ ප්‍රතිපත්තියක්නේ යකෝ ඒක...!