(අංජුල මහික වීරරත්න)
අම්පාර මහඔය ප්‍රදේශයේ සිදුව ඇති යුරියා පොහොර වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය.
ගොවි ජනතාවට බෙදාහැරීමට ලබා දුන් යුරියා පොහොර තොගයක් මහඔය ගොවි සංවිධානයක් විසින් වංචා සහගතව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අලෙවි කිරීමෙි සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරෙයි.
පොහොර ලබාගත් ව්‍යාපාරිකයා අදාල පොහොර වැඩි මුදලට ගොවීන්ට අලෙවි කර ඇතැයි ද එම වංචාවට සම්බන්ධ සියලු දෙනා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ගම් සහ අනිකුත් තොරතුරු ප්‍රසිද්ධ කරන්න. නැතිනම් අපි බේරෙ වැවේ හරි, ඔරුගොඩවත්ත තෙල් ඇලේ හරි නොමිලේ සතියක් විතර නාන්න දෙමු. ආයේ කවුරුවත් අහිංසක ජනතාව සූරාකන එකක් නැහැ.