
(කුෂාන් ජයවර්ධන)
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදුනු වන අලියෙකු මේ වනවිටත් මහ ඉලුප්පල්ල නගරයේ සැරිසරමින් සිටින බවත් මේ හේතුවෙන් එම නගරවාසීන් භිතියට පත්ව සිටින බවත් එම නගරවාසීහු පවසති.
පවතින වැසි සහිත කාලගණයක් සමඟ කලබලකාරී ස්වරූපයකින් හැසිරෙන එම වන අලියා මේ වනවිට මහඉලුප්පල්ලම නගරයේ පිහිටි ඉංජිනේරු කාර්යාලය, තැපැල් කාර්යාලය ඇතුලු රාජ්‍ය ආයතන හා නගරයේ ගෙවතු ආශ්‍රිතව සැරිසරමින් සිටි.
මහ ඉලුප්පල්ලම ඇතුලු අවට ගම්මානවල භව භෝග මෙන්ම දේපල රැසක් ද ඉකුත් දිනවල එම ප්‍රදේශයට කඩාවැදුනු වන අලින් විසින් විනාශ කර දමා තිබේ.
එසේම මේ වනවිට එම ප්‍රෙද්ශයේ මිනිස් ජීවිත රැසක් ද වන අලි පහරදීමෙන් අහිමිව ගොස් තිබේ.
මෙම ගැටලුවට බලධාරීන්ගෙන් නිසි විසඳුමක් මෙතෙක් නොලද බව එම ප්‍රෙද්ශවාසීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු කැලෑ කපල අලින්ටයි, කටුස්සන්ටයි ඉන්න තියෙන තැන් විනාශ කරනවා. අලිය මිනිස්සු ඉන්න තැන් වලට ඇවිල්ල කියනවා එහෙම කරන්න එපා කියල. හැබැයි මේ අලිය ඇවිල්ල තියෙන්නෙ සපත්තු හතරක් ගන්න. හරි සයිස් නැහැ කියල තරහ ගිහිල්ල.
අපට අලි ඔච්චර මොකටද? අලි ගහණය අඩු කිරීමේ ක්‍රමවේද වනජීවිය දන්නේ නැද්ද? දන්නේ නැත්නං අපෙන් අහන්න. අපිට කොමිස් එපා...!