IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක

(චාපා මධුභාෂිණී)

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙසට බල කරමින් හබරණ පළුගස්වැව නාමල්පුර මහමීගස්වැව ප්‍රදේශයේදී සිය සේවක ස්ථානයේදී   විරෝධතාවක් ඇරැඹුහ.

මොරගහකන්ද ජලාශයේ සිට උතුරු පළාත දක්වා උමං මාර්ගයක් ඔස්සේ ජලය ගෙනයාමේ ව්‍යාපෘතියට යම්බන්ධ සේවක කම්කරුවන් 800 පමණ පිරිසක් 2 සහ 3 යන දෙදෙින පුරාවටම සිය රාජකාරී කටයුතුවලින් ඉවත්ව ආයතනයේ ප්‍රධාන ගේට්ටුව අභියසට පැමිණ සිය ඉල්ලීම්වලට විසදුම් ඉල්ලා මෙලෙස විරෝධතාවයක නිරතවූහ.

උමං මාර්ගයේ වැඩ කටයුතු සිදු කරගෙන යාමේදී මීට පෙර අවස්ථාවන්මි වග කිවයුතු නිලධාරීන් මෙම ස්ථායේ රැදී සිටි බවත් මෑතක සිට ඒම නිළදාරීන් මෙම ස්ථානයේ නොමැති වීම හමුවේ සියළු සේවකයින්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බව ඔවුහු පැවසූහ.

මේවනවිට කිලෝමීටර 10 පමණ දුරට අඩි 80 පමණ ගැඹුරින් ගල විදීමේ කටයුතු සිදු කරගෙන යන බවත් ඒ් අවස්ථාවන්හිදී අධික උෂ්නත්වය හේතුවෙන් කම්කරුවන්ට සේවය කිරීමේදී අපහසුතා ඇති වුවද සිය අපහසුතා සම්බන්ධයෙන් කතා කිරීමටවත් මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන චීන ජාතිකයින් සිටියද ඔවුන්ට සිංහල භාෂාව නොතේරීමත් හමුවේ තමන් දැඩි පීඩනයකට පත්ව සිටින බවද කියයි.

ගොවිතැන් කටයුතුවල නිරතවන කම්කරුවන් දිනකට රුපියල් 2500 වැඩි වැටුපක් ලැබුවද වසරක පමණ කාලයක් දිනකට රුපියල් 2200 වැටුපකට යටත්ව සේවය කළද ඒම වැටුප වැඩි කරදීමට කිසිවෙකුත් කටයුතු නොකරන බවද විරෝධතාකරුවෝ කීහ.

 



අදහස් (0)

මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site