IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහ වැස්ස බදුල්ල දුම්රිය නවතයි

(මහින්ද නිශ්ශංක )

අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන ගණනාවකට පස් කඳු කඩා වැටීමෙන් සහ ජලය යටවීම හේතුවෙන් අද (25 )රාත්‍රියේ ධාවනය වීමට නියමිත කොළඹ -බදුල්ල ,බදුල්ල- කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය දෙකද පෙරවරු9:45ට කොටුවෙන් බදුල්ල බලා යන දුම්රිය ද ඇතුළු දුම්රිය කිහිපයක්ම අද (25 )දින අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මෙයට අමතරව පෙරවරු 10:40 ට කොටුවෙන් මහනුවර බලා යන දුම්රිය සහ පෙරවරු 12:40 ට හැටන් බලා යන දුම්රිය ද අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරියකු පැවැසීය.

අධික වර්ෂාව නිසා මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යටවී ඇති අතර උලපනේ, පිළිමතලාව, ගෙලිඔය, ගම්පොල, බලන , පේරාදෙනිය මහයියාව ඇතුළු ප්‍රදේශ රැසක දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටී ඇතැයි ද එම නිලධාරියා කීය.

මේ අතර ගනේවත්ත සහ නාගොල්ලාගම අතර දුම්රිය මාර්ගයට ගසක් සහ විදුලි රැහැන් ආවරණයක් කඩා වැටීම හේතුවෙන් අනුරාධපුරයේ සිට මාතර බලා යන රජරට රැජින දුම්රිය පැය එකහමාරක පමණ ප්‍රමාදයක් සිදුවී ධාවනය වූ බව ද දුම්රිය පාලන කාර්යාලය පවසයි .

 



අදහස් (0)

මහ වැස්ස බදුල්ල දුම්රිය නවතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site