
‘හයිකුයි’ සුළි කුණාටුව සමඟ ඇද හැලුණු මහ වැසි හේතුවෙන්, දකුණුදිග චීනයේ ගුවන්ග්ඩොන් පළාතේ කිඹුල් ගොවිපොලක කිඹුලන් 75 දෙනකු එම ගොවිපොලෙන් පැන ගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙම කිඹුල් ගොවිපොල පිහිටා ඇත්තේ ගුවන්ග්ඩොන් පළාතේ මැයෝමිං ගම්මානයේ කුඩා විලක් වට කරමිනි.
මහ වැසි සමඟ මෙම විල පිරී ඉතිරි ගොස් ඇත්තේ කිඹුලන් ද සමඟය.
ගම්මානයේ ප්‍රදේශ රැසක් ද ජලයෙන් යටවී ඇති බැවින්, කිඹුලන් බොහෝ දෙනකු ගම්මානයට පැමිණි බව ද පැවැසෙයි.
කිඹුලන් අල්ලා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බවත්, අල්ලා ගැනීමට හැකිවූයේ කිඹුලන් 8 දෙනකු පමණක් බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජිතට බැරිද කිඹුල්ලුන්ව හොයාගන්න පොඩ්ඩක් උදව් කරන්න
ඒවා රාජිතගේ කිඹුලෝ නොවේවායි පතමි.