(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අභාවප්‍රාප්ත දෙවෙනි එලිසබෙත් මහ රැජින වෙනුවෙන් ශෝක යෝජනා විවාදයක් ලබන 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ (13) තීරණය කළේය.
මහරැජිණ වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා සිදු කෙරෙනු ඇත.
අභාවප්‍රාප්ත එලිසබෙත් මහ රැජිනට ගෞරව දැක්වීම සඳහා පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරු විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පාර්ලිමේන්තුවේදී පසුගිය 8 වෙනිදා පළ කළහ.
මේ අතර ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමේ විවාදය දෙවැනි දිනයටත් 23 වැනිදා සිකුරාදා පැවැත්වීමට නියමිතය.
එම විවාදය පස්වරු 1.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ ධනවත් කාන්තාවක් වු ඇය සියලු සැප සම්පත් විඳ දිගු කාලයක් ජීවත් වුණා. ලංකාවේ දුශිත දේශපාලුවන්ට තමුන්ව බලයට ගෙනාව ජනතාව ගැන කිසිම හැඟීමක් නැහැ.. පරගැතිකම ඊට වඩා ලොකූයි.
දැන් මේ ශෝක විවාදයට මහජන මුදල් කොච්චර වැය වෙනවාද? ලංකාවේ අපේ මුතුන් මිත්තන් සමූල ඝාතනය කරපු මිනිසුන්ගේ රටක රැජිණක් සඳහා ලංකාවේම මුදල් නාස්ති කිරීම... මෙන්න නියම වහල්ලු. එකෙකුට බැරි වුණා ඔය පාර්ලිමේන්තුවේ හරි, කොහේදි හරි කියන්න අපේ රටෙන් කොල්ල කාපු පුරාවස්තු ටික, පුස්කොල පොත් ටික ආපහු දීපල්ලා කියන්න.