(රංජන් කස්තුරි)
නව රාජ්‍ය අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන්නේ මහ මැතිවරණයෙන් පසුව යැයි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය සහ කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා කොළඹ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මස දක්වා මහ මැතිවරණය පැවැත්වෙන තෙක් අවශ්‍ය වුවහොත් අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කර ගන්නා බවද බන්දුල ගුණවර්ධන මහතා කීය.
ලබන මාර්තු මසයේදී පාර්ලිමේන්තුව විසුරුවාහරින අතර අප්‍රේල් මාසයේදී මහමැතිවරණයක් පවත්වන බවද එහිදී ඇමැතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පාර රුපියල් 20 වැඩියි කියයිද දන්නේ නැහැ. ගෝඨා ජනපති නිසා, සැවොම සතුටින් කියලා, ජනතාවගේ අය වැය කියනකොට බැංකුවල මුදල් නැහැ. හොරුන්ට වාහන ගෙන්වන්න වැඩ කරනකොට , එකපාරටම මුදල් පාත්වෙනවා, ඇලඩින්නේ මුදල් ඇමති, වශී මුද්ද පහනේ අතුල්ලපු ගමන් සල්ලි මතුවෙනවා.
එහෙමනම් මාසයකට රුපියල් 2500කින් පවුලක් ජීවත් වෙන්න පුළුවන් විදියට අයවැය ලේඛනය ඉදිරිපත් කරනවනේ...
අය වැය හදන්න මුදල් ඇමතිට උදව් වෙන්න යනවද? කමක් නෑ, අපි විශේෂයෙන් බලා ඉන්නවා බදු ඉවත් කිරීමෙන් නැතිවුණු ආදායම පියවා ගන්න හැටි දිහා. අපට බය තව තවත් ණය අරගෙන ඒ වැඩේ කරයිද කියලයි... ඉස්සර කවුද කිව්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තියෙන ලිපිගොනු 100කින් රටටම අවශ්‍ය ආදායම ගත හැකියි කියලා. ඒ වගේ ආදායම් ප්‍රකාශ නොකර හංගා ගෙන ඉන්න අයගෙනුයි, කළු සල්ලිකාරයින්ගෙනුයි ආදායම් හොයන්න බැලුවොත් නරකද? ඒ කවුද කියලා අඳුනනවාත් ඇතිනේ, නේද?...
පොරොන්දු වූ සහන මුකුත් නැත. දෙන්නේ ඡන්දෙන් පස්සේ... බාලගිරි දෝෂය වගේ...
අවුරුදු කාලාම වරෙල්ලා සිහලුනි..!!
විපක්ෂේ ඉන්න කොට නම් හොඳට මොලේ තිබෙනවා.. දැන් බලය ලැබුණාම හුළං බැහැලද? ඕක හදන්න අප්‍රේල් මාසේ වෙනකම් ඉන්න ඕනෙද? අනේ මෙහෙමත්...
එයාලා එයාලට ඕනෑවිදිහට ඉදිරිපත් කරයි. අපි ඉතින් හැමදාමත් හූල්ල හූල්ලා ඉඳියි.
වැට් බෑ.. අඩුකරන්නේ ඡන්දෙට කියලා දෑනෙන්නේ මට විතරද? ඡන්දෙන් පස්සේ තමයි වැඩේ. ණය ගෙවන්න මහභාණ්ඩාගාරයේ මුදල් නැහැ. ඔහොම යමුකෝ..!!!
"... ඔහෙලට මොනවටද අය වැය ලේඛනය...? කන්නද..? කෑම ටික ලැබුණාම ඇතිනේ... අප්‍රේල් මාසේ ඡන්දෙන් පස්සේ අපිට ඡන්දය දුන් සැමටම විශේෂ අවුරුදු තෑග්ගක් දෙන්න අපේ ඇමති මණ්ඩලය තීරණය කරලා තියෙනවා. මේ ආහාර මල්ල සඳහා රජය සෑහෙන කැපකිරීමක් කළබව මුලින්ම සඳහන් කරන්න අවශ්‍යයි.මෙන්න නොමිලේ දෙන ආහාර වර්ග (අපට ඡන්දය දුන් අය සඳහා පමණයි. ඒ අයගේ නම් ලිස්ට් එක අපට ලැබී ඇත.) මීට අමතරව විලි වසා ගැනීමට මීටර් 1ක රෙදි කෑල්ලක් දෙනු ලැබේ...."