(සුජිත් හේවාජුලිගේ)
මහ මැතිවරණයට කලින් ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වීමට රජයේ ප්‍රධානීන්ගේ වැඩි අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
සාකච්ඡාවට ගණනාවකදීමඉහළම ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීමට බව රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
සමග ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයකින් මන්ත්‍රීවරුන් කොටසක් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණයට මේ මොහොතේදී මුහුණ දීම වඩාත් සුදුසු බව එම සාකච්ඡාවලදී වැඩි දෙනා අදහස් පළ කර ඇති බව අමාත්‍යවරයෙක් පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ කුලියාපිටිය ප්‍රථම රැලිය සංවිධානය කරනු ලැබුවේ ඒ අරමුණින් බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් තවත් සාකච්ඡා වට කිහිපයක් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවලින් පසු පැවැත්වෙන මැතිවරණය කුමක්දැයි නිශ්චිතවම ප්‍රකාශ කිරීමට රජය බලාපොරොත්තු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය 225 එහාට මෙහාට කරගත්තා කියලා තුන්වේල කන්න නැති මිනිස්සු එයාලා අනුගමනය කරන්නේ නැත.
මේ වසරේ අනිවාර්යයෙන් ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කරන්න ඕනෑ. එහෙම තියෙද්දී සදාකාලිකවම දේශපාලනයෙන් වැළලී යාමට නියමිත අය එකෙක් දෙන්නෙක්වත් පාර්ලිමේන්තුවට ගේන්න මහමැතිවරණය ඉල්ලීම කරනවා කියලා කියන්න පුළුවන්. කොහොම වුණත් එකම වසරේ මැතිවරණ දෙකක් පැවැත්වීමට කටයුතු කළොත් රටේ ජනතාව කබලෙන් ලිපට වැටීමටත් අන්ත ආකාරයට දුකට පත්වෙනවා. එනිසා මේ වසරේ අනිවාර්යයෙන් කරන්න තියෙන ජනාධිපතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම තමයි හොඳම විසදුම වෙන්නේ... එහෙම නැතුව පුද්ගලික වාසි තකා කටයුතු නොකරන්න කියලා කියන්න ඕනෑ..
ජනාධිපති වරණයට කලින් මහ මැතිවරණ පැවැත් වීමෙන් නියම ජනතා කැමැත්ත බලාගන්න පුළුවන්. නැතිනම් ජනාධිපතිගේ පක්ෂයට ජනතාව නැඹුරුවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා.
මොකක් තිබුණත් දැන් ඉන්න අය ගෙදර ගිහිල්ලා පස්සේ හිරේ යනවා. අපේ රටට කරපු අපරාධවලට...
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය පවතුවහොත් රටට වෙනසක් කිරීමට හැකිවේවි. මහා මැතිවරණය පවත් වුවහොත් වර්තමානයේ පවතින දූෂිත දේශපාලනය නැවත ක්‍රියාත්මක වේවි. දැනට පාර්ලිමේන්තුවේ සිටිනා අති බහුතරයක් වෙනස්වී ඇති බවක් මහජනතාවට පෙන්වීමට උත්සාහ කළද දශක ගණනාවක සිට දේශපාලනයේ යෙදුනු ඔවුන් සහ එම ක්‍රමවේදයන්ට එකඟ වෙමින් දේශපාලනය කළ ඔවුන්ගේ දූෂිත මනස ඔවුන්ට වෙනස් කළ නොහැකිය. සම්ප්‍රදායික දේශපාලනය නැවත පවත්වාගෙන යාම් නැවත සිදුවනු ඇත. වර්තමාන දේශපාලන සම්ප්‍රදායෙන් මිදිය යුතුව ඇත. එසේ නම් පැවැත්විය යුතුවන්නේ ජනාධිපතිවරණයකි. ඉන්පසු පත්වන කවුරුන් හෝ ජනාධිපතිවරයාට / ජනාධිපතිවරයාගෙන් දූෂිත නොවන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත්කිරීමට පුරවැසියන් ක්‍රියාකරනු ඇත. ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් ජාතින් වශයෙන් සහ ආගමික වශයෙන් එක්සත්ව රටේ සමාජ දේශපාලනය වෙනස් වියයුතු බව කියා සිටින පළමු අවස්ථාව මෙය වනු ඇත.
රටේ පුරවැසියන් නොබෙදී එක්සත්ව නායකයින්ගෙන් ඉල්ලා සිටින පණිවිඩය බලලෝභී දේශපාලන මනසින් නොසිතා රටට වෙනසක්, යහපතක් වෙනුවෙන් තීරණ ගැනීම ඔවුන්ගේ යුතුකමකි. නිදහසින් පසුව අතීතයේ සිට වාර්තාමය දක්වා දශක7ක් වූ පත්වන්නාවූ පක්ෂයේ අවශ්‍ය තත්වයන් මත පාලනය වූ දේශපාලන ක්‍රමවේදය රට පසුපසට ගමන් කිරීමක් මිස ඉදිරියට යමක් සිදුව නැත...
තියන ඡන්දෙ මොකද්ද කියලා තාමත් තීරණය කරන්නේ රජය. ඉතිං මොකටද අපිට ස්වාධීන මැතිවරණ කොමිසමක්...?
මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට , රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහා මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා !