
(සුමිත් පොතුපිටිය)
වාද්දුව මොරොන්තුඩුව පාරේ නවතා තිබූ යතුරුපැදියක් අද (29) ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.
යතුරුපැදිකරු වෙළෙඳසැල ඉදිරිපිට මාර්ගයේ නවතා වෙළෙඳසැලට ගොස් එන අතරතුර යතුරුපැදිය ගිනිගෙන දැවී ඇත. ප්‍රදේශවාසීන් සහ වාද්දුව රථවාහන අංශ නිලධාරීන් එක්ව නිවාදැමූවද ඒ වනවිට යතුරුපැදියට දැඩි හානි සිදුව තිබුණි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
අනුරාධපුර, බණ්ඩාරගම, පානදුර ප්‍රදේශයන්හිද ත්‍රීරෝද රථ තුනක් මෙවැනිම ආකාරයෙන් ඊයේ (28) ගිනිගෙන විනාශ වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd