IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි

(අංජුල මහික වීරරත්න)

මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ඩී. ඒ.පි.අබේසේකර මහතා 2024-11-06 දින සිට ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් තනතුරකට පත් කිරීම හේතුවෙන් එම තනතුර පුරප්පාඩුව පවතී. 

එසේම, ව්‍යාපෘති කළමනා කරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී එන්. එස්. එම්.පී.රංජිත් මහතා 2024-11-10 දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, එදින සිට එකී තනතුර ද පුරප්පාඩු වීමට නියමිතව ඇත. එමෙන්ම, මහා භාණ්ඩාගාරයේ ස්ථාපිත කිරීමට නියමිත රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට සුදුසු නිලධාරීයෙකු ද පත් කළ යුතුව තිබේ. 

ඒ අනුව, මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව පහත සඳහන් පත් කිරීම් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

දැනට විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් තනතුරක සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි ආර්.එම්.එස්.පී.එස්. බණ්ඩාර මහතා 2024-11-06 දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම.

දැනට ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ මහා මාර්ග අංශයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි එස්.එස්. මුදලිගේ මහතා ව්‍යාපෘති කළමනා කරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සහ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරේ වැඩ බැලීම සඳහා වන ඒ මහතාගේ පත්වීම තවදුරටත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීම.

මහා භාණ්ඩාගාරයේ ස්ථාපිත කිරීමට නියමිත රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා දැනට විදේශ සමපක් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරියක වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරිනි උදේනි උඩු ගහපත්තුව මහත්මිය 2024-12-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම.



අදහස් (0)

මහා භාණ්ඩාගාර ඉහළ කළමනාකාරීත්වයට නිලධාරීන් පත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 327 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site