(අංජුල මහික වීරරත්න)
වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු කියන ලෙස කැබිනට් මණ්ඩලය මහ බැංකු ප්‍රධානීන්ට අද (4) දැනුම් දුන්නේය.
මහ බැංකු සේවකයන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාටද නියෝග ලබාදීමේ නීතිමය හැකියාවක් නොමැති හෙයින් ද රටේ මුදල් බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවට හෙයින්ද කැබිනට් මණ්ඩලය මෙම දැනුම්දීම කර තිබේ.
වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් අද (4) කැබිනට් මණ්ඩලය හමුවට කැඳවා තිබිණි.
මෙලෙස වැටුප් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය සිය විරෝධයද පළ කර ඇත.
එහිදී මහ බැංකු ප්‍රධානීන් වැටුප් වැඩි කර ගැනීමට බලපෑ හේතු පිළිබඳව කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇති අතර කැබිනට් මණ්ඩලයද රටේ පවතින මූල්‍ය වාතාවරණය හමුවේ වැටුප් වැඩි කර ගැනීම යෝග්‍යදැයි කරුණු විමසා ඇත.
කෙසේ වෙතත් අවසානයේදී කැබිනට් මණ්ඩලය මහා බැංකු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් හමුවේ සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ කරුණු කියන ලෙසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (4) පස්වරුවේ කොළඹදී රැස්විය.
වැටුප් සියයට හැත්තෑවකින් වැඩිකර ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මහ බැංකු ප්‍රධානීන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට හෙට (5) කැඳවනු ලැබ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට හැරදා ගියාළුණේ 99ක්. යන කෙනෙක් රට ගියපුදෙන්. ඔවුන් රට ගියා කියලා රට වැහුවාද? මේ රටේ අර්තිකය විනාශ කරන්න මහ බැංකුවේ අය වග කියන්න ඕනෑ. 1 පන්තියේ උපාධිය අරගෙන 3 වැනි පන්තියේ වැඩ ඔවුන් කළේ. උදේට බලන්න මහ බැංකුවේ ගැහැණු යන්නේ ෆැෂන් ෂෝ එකට වගේ. සාරියක් Rs 30,000 ඒවා අඳින්නේ... රටට හෙන ගැහුවත් ඔවුන්ට ගාණක් නෑ. සීතල කාමරවල ඉඳන් ප්‍රායෝගික නොවන ඒවා කරලා තමයි මෙහෙම වුනේ... මෙහෙම හරි මේ රට ඉතුරු වුනේ කියන එක පුදුමයක්...!
තේ බී සාකච්ඡාකර සියල්ලෝ සතුටින් විසිර යනු ඇත.
ඒක අගය කළ යුතුයි.
රනිල් කපටියා ,රනිල් ගේ වැඩ ඕවා .රනිල් ට කියන්නේ නැතුව සෙන්ට්‍රල් බෑන්ක් එක සැලරි ඉන්ක්‍රිමන්ට් එකකට යන්නේ නැහැ .රනිල් ගෙන් අහලා තමයි යන්නේ ,දැන් රනිල් මොනවත් දන්නේ නැති ගානට ඉන්නවා
නිවට ඇම්බැට්ටයා දැක්මක් එලුවත් රැව්ල පානවා කියලා කතාවක් තියෙනවා, ඒවගේ තමයි මේකත් වැඩ බැරි දුර්වල මොට්ටයෝ ගේම් ගහලා බලය අල්ලා ගත්තම උන් ඉදිරියේ යමක් නමක් දන්න එවුන් රගනවා බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.
මේක නිකන්ම නිකන් විරෝධයක් විතරයි. වැඩිකළ වැටුප් අඩුකරන ක්‍රමයක් නෑ. අවශ්‍ය නම් ඉදිරියේදී වැටුප් වැඩිනොකරන ලෙස උපදෙස් දෙන්න පුළුවන්. රනිල් මේ ගැන නිහඬ මොකද දන්නේ නැහැ.