(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්‍රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු අදාළ පාර්ශ්වවලට දැනුම්දී ඇතැයි එම බැංකු ආරංචි මාර්ගවලින් පැවසේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් රජයේ තීරණය එන සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව අනිද්දා 20 වැනිදා බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
මුදල් කමිටුවෙන් දෙන වාර්තාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අවශ්‍ය පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල... ඊර්ෂ්‍යාව, කෑදරකම සහෝදර ජනතාව අතර ඉහළින් වැජඹීමට ඇති වුවමනාව...
ජනතාව මොවුන්ට සාප කරනවා. ඒ සාපවලින් මොවුන්ට ගැලවෙන්න බැහැ. ඔබලා අසාධාරණ විදිහට මේවා කරගත්තොත් ඔබලාට ජනතා සාපයෙන් ගැලවෙන්න බැහැ. කෝටි ගාණක් එකම විදිහට සාප කරනකොට ඒක කවදාහරි දවසක ලැබෙනවා. ප්‍රභාකරන්ටත් අවසානයේදී මොකද වුණේ...?
මහා බැංකුවේ ලොක්කෙක් යයි කියාගන්නා කුක්කෙක් කියනවා, මහබැංකුවේ නිලධාරින් ,ලෝක බැංකුවේ රස්සාවලට ගිහිල්ලලු. ලෝක බැංකුවේ එකම ශාකාවකවත් " ඉහල " තනතුරු දරන ශ්‍රී ලාංකිකයින් නැහැ !!! එහෙ අතුගාන්නවත් අපේ රටේ නිලධාරීන්ව ගන්නේ නැහැ, මොකද ලෝක බැංකුවේ පරිපාලනය දන්නවා ශ්‍රී ලංකා මහබැංකුවේ හිටිය - ඉන්න මෝඩයින් තමයි රට නැත්තටම නැතිකලේ කියලා.ඒවගේ පරපොශිතයින්ව ලෝක බැංකුවට වද්දගන්න තරම් මොලේ අමාරුවක් ලෝක බැංකුවේ පරිපාලකයින්ට නැහැ.
මොවුන්ට සහ මොවුන්ගෙන් යැපෙන්නන්ට හැදෙන්නේ සොයාගන්න බැරි ලෙඩ
රටේ ආර්ථිකය මෙහෙය වන්නේ මහබැංකුවයි.ආර්ථිකය පහත වැටීම සම්බන්ධයෙන් වගකිව යුත්තෙ මහබැංකුව යි.රටෙ ආර්ථිකය පහත වැටෙන විට එයට අවශ්‍ය පියවර ගැනීම මහබැංකු වෙ වගකිමයි., එසේ නොකර ආර්ථිකය පහත හෙලා රටෙ අනෙක් මිනිසුන් ගැන නොසිතා තමන්ගේ වැටුප් පමණක් වැඩි කර ගැනීම ඉතා කනගාටුදායක තත්වයකි.